මිගමුව රාජපක්‍ෂ උද්‍යානයේ කෝටි 12 ක් නිලධාරීන් විනාශ කරලා ………..

මිගමුව නාගරික වැසියන්ගේ බදුමුදලින්  රුපියල් කෝටි 12 වැයකර 2011 වසරේ ප්‍රතිසංස්කරණය කරනලද රාජපක්ෂ උද්‍යානය විනාශ කිරීමේ වගකීම උද්‍යානය නිසිලෙස නඩත්තු නොකල නගර සභාවේ නිලධාරීන් විසින් බාරගතයුතු බව හිටපු නගරාධිපති  ඇන්ටනී ජයවීර මහතා පවසයි.

හිටපු නගරාධිපතිවරයා මෙම අදහස් පලකලේ රාජපක්ෂ උද්‍යානය අද පවතින කණගාටුදායක තත්වය පිලිබදව  අප සමග සාකච්චාවකට එක්වෙමිනි.

එමෙන්ම මෙම උද්‍යානය මිගමුව සුන්දර පුරවරයක් කිරීමේ වැඩසටහන යටතේ කඩිනමින් අවශ්‍ය සංවර්ධන කටයුතු සිදුකරන්නැයි වත්මන් නගරාධිපති ජ්‍යෙෂ්ඨ නීතිඥ රොබට් හීන්කෙන්ද මහතාගෙන් ඉල්ලීමක් කරනබවද හිටපු නගරාධිපති වරයා වැඩිදුරටත් පැවසිය.

රාජපක්ෂ උද්‍යානය මුදලිදු රාජපක්ෂ මහතා විසින් මිගමුව නගර සභාවට පරිත්‍යාග කල මිලියන 2240 ක පමන වෙළද පොළ වටිනාකමක් ඇතිඅක්කර හතක ඉදන දැනට පවතින තත්වය පිලිබදව අපවිසින් සොයා බැලීමක් සිදුකල අතර මේ වනවිට එය දක්නට ලැබෙන්නේ හොරු විසින් දරකපනලද කුඩා වන උයනක ස්වරුපයකි.

මෙම උද්‍යානය හොදින් නඩත්තුව පැවති කාලයේ මංගල උත්සව ජයාරූප කරණයේ යෙදෙන ජයාරූප ශිල්පින් දිනකට විශාල පිරිසක් පැමිණි නමුත් මේවනවිට ඔවුන් ගේ පැමිණීම 99 % කින් පමණ අඩුවී ඇත.

මේ වනවිට රුපියල් 50 කට පැවති උද්‍යානයට ඇතුල්වීමේ ගාස්තුව රුපියල් 100ක් දක්වා ඉහල දමා ඇතත් දිනක ආදායමේ සාමානය රුපියල් 20,000 කි.

උද්‍යානයේ ගස්වල අතු ඉවත්කිරීම කිසිම සුසුසුකම් ලත් උද්භිධ උපදේශක වරයෙකුගේ සේවයෙන් තොරව සිදුකර ඇති බව අතු ඉවත්කර ඇති ආකාරයෙන්  පෙනීයයි.එමෙන්ම කපා දමා ඇති ශාකකොටස් ඉවත් නොකර උද්‍යානයේම තැන තැන ගොඩගසා ඇත

පවතින අධික උෂ්ණාධික කාලගුණය සමග ප්‍රමාණවත් ජල සැපයුමක් නොමැති නිසා උද්‍යානයේ ඇති ගස් මියයාමේ තර්ජනයකට ලක්ව ඇති අතර මෙවැනි අවස්ථාවලදී නගර සභාවේ ගිණි නිවන අංශයෙන් ගස් වලට අවශ්‍ය ජලය සැපයීම සිදුකලත් වත්මන් පාලනය තුල එම කටයුතු  සිදුනොවන බව උද්‍යානයේ සේවකයෝ පවසති.

උද්‍යානයේ විදුලි ආලෝක පද්ධතිය නිසිපරිදි නඩත්තු නොකරන බවට අනාරක්ෂිතව තැනින් තැන කැඩී  මතුවී ඇති පොලව යටින් යෙදු විදුලි සැපයුම්  මගින් පෙනවුම් කරයි.

ජිවිත අනතුරු පවා සිදුවිය හැකි  මෙවැනි අනාරක්ෂිත කරුණු කෙරෙහි අවධානය යොමු නොවීම කණගාටුවට කරුණකි.

උද්‍යානයේ එක්රැස්වන කසල දිනපතා ඉවත් නොකරන බවත් ඒවා උද්‍යානයේ දකුණු පස පිවිසුම් ගේට්ටුව අසල කාලයක සිට ගොඩගසා තිබෙන බවත් දක්නට ඇත.

දැනට මෙම උද්‍යානයේ කටයුතු සදහා නගර සභාවේ සේවකයන් අටදෙනක් යොදවා ඇත එමෙන්ම  පුද්ගලික ආයතනයක   නිලධාරීන් ආරක්ෂක හතර දෙනෙකුගේ සේවයද ලබාගෙන ඇත.

මේ අනුව අවම වශයෙන් මෙම සේවකයන්ගේ දීමනා ගෙවීමට වටත් දිනකට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන බව ඉතාමත් පැහැදිලි කරුණකි.

මෙවැනි මුල්‍ය ගැටලුවක්  තිබියදී මාසිකව රුපියල් හතලිස් දහසක අදායමක් ලැබුණු උද්‍යානය තුල පවත්වාගෙන ගිය ආපනශාලාව වසාදැමීමට කටයුතු කර ඇත.

මෙම වසාදැමීමට ස්ථාවර කාරක සභාවක සාමාජිකයෙකු ආපනශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයා සමග ඇතිකර ගත් පුද්ගලික ගැටුමක් හේතුවී ඇතිබව දැනගන්නට තිබේ.

එම නිසා ඉතාමත් කඩිනමින් කළයුතුව ඇත්තේ තැන තැන ගොඩගසා ඇති කසල ගොඩවල් ගල් සහ දර ගොඩවල් ඉවත් කර ගස් වලට වතුර සැපයීම සදහා ක්‍රමයක් සකස් කිරීමයි.

එමෙන්ම නගර සභාවට ශුද්ධ අදායමක් ලැබෙන පරිදි මෙම උද්‍යානය පවත්වාගෙන යාම අසීරු කටයුත්තක් නොවේ.

 

—————————————————————————————————————————————

පහත ලිපිය

මේවනවිට නිලකාලයෙන් හතරෙන් එකකට ආසන්න කාලයක් ගතව ඇත  මහා සභාවට පැමිණ සභාවේ වපසරියට යෝජනාවකට අදාළ නොවන මොනවා හෝ කතාකර කාලය අපතේයැවීම අතහැර දැමීමට කාලය පැමිණ ඇත.

තමන්ගේ කොට්ඨාශයට බලපාන කරුණු සහ නගර සීමාව තුල තිබෙන සභා දේපොළවලින් සභා අරමුදලට  වැඩි දායකත්වයක් ලබාගත හැකි කාරනා පිලිබදව යෝජනා ඉදිරිපත් කිරීම සහ නගර වැසියාගේ සුඛ විහරණය සදහා අවශ්‍ය මැදිහත්වීම තමන්ගේ වගකීම ලෙස  අවබෝධ කරගෙන කටයුතු කිරීම සියලු නාගරික මන්ත්‍රීවරුන්ගේ සමාජ වගකීමකි.

 

 

 

 

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img