ගොඩනැගිල්ලක මුල් සැලැස්මට කිසියම් වෙනස්කමක් සිදුකරනේනම් එය ඉතා පරිස්සමෙන් සහ නිසි උපදෙස් ඇතිව සිදුකල යුතු කටයුත්තකි. ව්ශේෂයෙන්ම කිසියම් සුවිසේෂි ලක්ෂණ ඇති ගොඩනැගිල්ලක කුමන හෝ වෙනස් කමක් සිදුකරන්නේනම් ගොඩනැගිල්ලේ අනන්‍ය තාවයට හානියක් නොවනසේ සිදුකිරීම අතවශ්‍ය කොන්දේසියකි.
මිගමුව නගර සභාවේ ප්‍රධාන ගොඩනැගිල්ල සහ ඒ හා බැදී පවතින නගර ශාලාවේද එම ගොඩනැගිල්ලට විශේෂ වූ ලක්ෂණ කිහිපයක් ඇත.ඉන් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ එහි වහලය පිටතට නොපෙනෙන ලෙස නිරමානය කර තිබීමයි.
නගර ශාලාව පිහිටි කොටසේ වහලයේ පීල්ලකින් සිදුවු වතුර කාන්දුව නතරකිරිම සදහා කළයුතුව තිබුනේ ප්‍රමාණවත් ගැබුරක් සහ පළලක් සහිත පිලි සවිකර කිරීම බව සේවකයෝ පෙන්වා දෙති
එසේ කටයුතු නොකර ලක්ෂ ගණනක මුදලක් නාස්ති කරමින් ගොඩනැගිල්ලේ මුල් සැලසුම හිතුමතයට සම්පුර්ණයෙන් වෙනස්කර වහලය පිටතට නොපෙනෙන පරිදි තිබු බිත්තිය කඩා දමා වහලය දිගු කිරීමට ඉංජිනේරු අංශය කටයුතු කිරීම මහජන බදුමුදල් නාස්ති කිරීමක් බවත් මේවාට මේ ඇස්තමේන්තු අනුමතකරන දේශපාලන අධිකාරියද ව්ගකිවයුතුබව ද සේවකයෝ වැඩි දුරටත් පවසති






