මිලියන 35 කට වැඩි වෙළද පොළ වටිනාකමක් ඇති භාවිතාකල දුරකථන, ටැබ්, රවුටර සහ සිගරට් මෙරටට රැගෙනවිත් නීති විරෝධිව කටුනායක ගුවන් තොටුපොළේ හරිත මාවත ඔස්සේ පිටකිරීමට උත්සාහ කල චීන ජාතික ව්‍යාපාරිකයන් 15 දෙනකු ශ්‍රී ලංකා රේගුවේ ගුවන් තොටුපොල රේගු කාරය මණ්ඩලය මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් 15 දින රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.
සිගරට් තොගය ගමන්මලු තුල සගවාගෙන පිටකිරීමට උත්සාහ කරඇති අතර දුරකථන ඇතුළු ඉලෙක්ට්‍රොනික් උපකරණ වලින් කොටසක් සිරුරේ රදවාගෙන පිට කිරීමටත් උත්සාහ ගෙන ඇත.
නීතිවිරෝධී ලෙස රටතුලට රැගෙන ඒමට සුදානම් වූ භාවිතා කල ජංගම දුරකථන 383 ක් ටැබ් 101 ක් රවුටර් 6 සහ දුම් වැටි 75,900 රේගුව බාරයට ගෙන ඇති ඇත මේවා සියල්ල රාජසන්තක කිරීමට කටයුතු කලබව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පවසයි.
වැටලීමට සහභාගිවූ රේගු නිලධාරින් සහ විද්‍යුත් උපකරණ සිරුරට සම්බන්ධ කර තිබු අයුරු ජායරුපවලින් දැක්වේ








