කෝටි 22 ක් වියදම්කල මිගමුව බස් නැවතුම්පොළ කඩාවැටේ ……….

අපවෙත ඇති  තොරතුරුවලට  අනුව මිගමුව බස්නැවතුම්පොළ ඉදිකිරිම සදහා මිලියන 220 ක පමන මුදලක් වැයකර ඇත.

එනම් දල වශයෙන් එක් මහලක් ඉදිකිරිම සදහා කෝටි හතකට වැඩි මුදලක් වැයවී තිබේ.

එමෙන්ම මෙම තෙමහල් බස් නැවතුම්පොළ සංකීර්ණය ඉදිකිරීම සඳහා ආර් තික  සංවර්ධන අමාත්‍යාංශය (Ministry of Economic Development) සහ මීගමුව මහා නගර සභාව (Negombo Municipal Council) ඒකාබද්ධව ප්‍රතිපාදන වෙන් කර ඇත.

මෙම බස් නැවතුම් පොළ විවෘත්ත කිරීම 2011 ඔක්තෝම්බර් මස 04 වනදින සිදුකර ඇති අතර මේ  පිලිබදව පලකර ඇති. පුවත්  වාර් තා වල සදහන් තොරතුරු අනුව.

“මෙම තෙමහල් බස් නැවතුම්පොළ ශ්‍රී ලංකාවේ නවීනතම පොදු බස් නැවතුම්පොළ ලෙස සැලකිය හැකිය. වර්ග අඩි 60,000 කට වඩා පැතිරී ඇති මෙහි සාප්පු 78 ක්, පොදු අවන්හලක්, කාර්යාල අවකාශයන්, චිත්‍රපට ශාලාවක් සහ මගීන් සඳහා විවේකාගාර සහ රැඳී සිටීමේ ශාලා ඇත. දිනකට මගීන් 35,000 කට ආසන්න සංඛ්‍යාවක් මෙම බස් නැවතුම්පොළ භාවිතා කරයි”.

මේ වනවිට දිනකට මගින් 50000 කට ආසන්න පිරිසක් මෙම  බස්නැවතුම් පොළ පරිහරණය කරයි.

මෙම බස් නැවතුම්පොළ අද වනවිට ක්‍රමයෙන් කඩා වැටීමට ලක්වෙමින් පවතී වසර 15 ක් තිස්සේ කිසිදු නඩත්තුවක් කරනොමැති අතර මෙහි ඇති චිත්‍රපට ශාලාව කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අත්හැර දමා වවුලන් සහ පරවියන්ගේ වාස භූමියක් බවට පත්කර  ඇත.

විවුර්ත කිරීමට අදාලව පලවූ පුවත් වල සදහන් කරතිබෙන  පොදු අවන්හල ,මගී විවේකාගාර සහ රැඳී සිටීමේ ශාලා තිබුණු තැනක් වත් සොයා ගන්නට නොමැත.

දෙවන මහලේ සිවිලිම මෙන්ම  විදුරු සහ ඇලුමිනියම් යොදාගෙන සිදුකල ඉදිකිරීම් කඩා වැටි වැසිජලය ගොඩ නැගිල්ල තුලට ගලා එමින් ඇත.බිම්මහලේ ඇති කඩ කාමර වල ව්‍යාපාර පවත්වාගෙන යන  නමුත් අනෙක් මහල් වල කිසිදු ව්‍යාපාරයක් දක්නට නැත.

මගීන්ගේ විවේකාගාර කෙසේ වෙතත් බිම්මහල හැර අනෙකුත් මහල් පාලුවට ගිය ගරා වැටුණු අම්බලමක ස්වරූපයට පත්ව තිබේ .

දැනට කුලී ගොඩනැගිලිවල පවත්වාගෙන යන රාජ්‍ය ආයතන කිහිපයක් මීගමුවේ ඇති අතර මේවා සදහා ප්‍රයෝජනයට ගෙන නොමැති ඉඩකඩ බදුදිය හැකි අතර අවශ්‍ය නම්  වායුසමනයකල ශාලාවන් වශයෙන් කොටස් කර උපකාරක පන්ති පැවැත්වීම සදහා කුලී පදනමට ලබාදීමට හැකියාවද ඇත.

චිත්‍රපට ශාලාව සදහා වෙන්කරඇති ඉඩකඩ මිනි සිනමා ශාලාවක් සදහා ප්‍රයෝජනයට ගතහැකි පරිදි අවශ්‍ය වෙනස් කිරී ම් සිදුකර හෝ ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කල යුතුව ඇත.

එමෙන්ම බිම් මහලේ අතුරා ඇති ටයිල් තැනින් තැන ගැලවී ඇති අතර පිහිතල මෙන් මුවහත්  කැඩුණු ටයිල් කොටස් දෙපාවල වැදීමෙන් මගින් තුවාලවූ  අවස්ථාද දැනගන්නට ලැබී තිබේ.

ගොඩනැගිල්ලක තිබිය යුතු  අබාධිත පිවිසුම සම්පුර් නයෙන්ම කැඩී ගොස් ඇති අතර වෙනස්කල උස අනුව කට්ට බේරා සකස් කර ඇති බිම් මහලේ ටයිල් ඇතුරූ බිම   බස්නැවතුම් පොලතුල පහසුවෙන් රෝද පුටුවකින් ගමන් කල හැකි ලෙස  සකස්  කිරීම නෛතික අවශ්‍ය තාවයකි.

කෝටි 22 ක ජනතා බදු මුදල් වැයකරමින් ගොඩනගා ඇති මෙම ගොඩනැගිලි සකස්කිරීමේදී සිදුවී ඇති අඩුපාඩු හෝ වෙනත් කරුණු පිලිබදව කතාකරමින් ගොඩනැගිල බිමට  කඩා වැටෙන තුරු කල්ගත කිරීම නතරකර අඩුපාඩු   ඇත්නම් නව ගොඩනැගිලි සැලැස්මකට අනුව ඒවා නිවැරදිකිරීමත් අවශ්‍ය අලුත් වැඩියා කටයුතු කඩිනමින් ආරම්භ කිරීමත්  නගරාධිපති වරයා ඇතුළු වත්මන් පාලනයේ වගකීමකි

Hot this week

මීගමුවේන් දවසකට කසල ටොන් 100 ක් …

කසල කලමනාකරණය බරපතල සමාජ ගැටලුවක් බවත් ඒ සදහා  සදහා...

කප්පම් ගැනීමට එරෙහිව මාලිමා නාගරික මන්ත්‍රී ගෙන් පැමිණිල්ලක් …..

මිගමුව මහානගර සභාබල ප්‍රදේශයේ දේශපාලන බලයේ පැහැදිලි බහුතරයක් ජනතා...

මීගමුවේ නීතිවිරෝධී මුදල් එකතුකිරීම් -ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලිඛිත පැමිණිල්ලක්

මිගමුව මහානගර සභාවේ නාගරික කොමසාරිස් විසින් මාරග සංවරධන අධිකාරියට...

මීගමුවේ බිච්පාක් නගරික සංවර්ධන අධිකාරියට ………

අක්කර පහකට ආසන ඉඩමක පිහිටි ම්ගමුව බීච් පාරක් නමැති...

කුණාටුවෙන් මියගිය ධිවර පවුල් වලට වහාම වන්දි ලබාදෙන්න

පසුගියදා ඇතිවූ කුණාටු තත්වයට හසුවී මීගමුවේ මෙන්ම අනෙක් පළාත්වල ...

Topics

මීගමුවේන් දවසකට කසල ටොන් 100 ක් …

කසල කලමනාකරණය බරපතල සමාජ ගැටලුවක් බවත් ඒ සදහා  සදහා...

කප්පම් ගැනීමට එරෙහිව මාලිමා නාගරික මන්ත්‍රී ගෙන් පැමිණිල්ලක් …..

මිගමුව මහානගර සභාබල ප්‍රදේශයේ දේශපාලන බලයේ පැහැදිලි බහුතරයක් ජනතා...

මීගමුවේ නීතිවිරෝධී මුදල් එකතුකිරීම් -ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලිඛිත පැමිණිල්ලක්

මිගමුව මහානගර සභාවේ නාගරික කොමසාරිස් විසින් මාරග සංවරධන අධිකාරියට...

මීගමුවේ බිච්පාක් නගරික සංවර්ධන අධිකාරියට ………

අක්කර පහකට ආසන ඉඩමක පිහිටි ම්ගමුව බීච් පාරක් නමැති...

කුණාටුවෙන් මියගිය ධිවර පවුල් වලට වහාම වන්දි ලබාදෙන්න

පසුගියදා ඇතිවූ කුණාටු තත්වයට හසුවී මීගමුවේ මෙන්ම අනෙක් පළාත්වල ...

හිටපු නගරාධිපති ගෙන ඇති තීරණ වල වෙනසක් කරන්නේ නෑ …චාමර ප්‍රනාන්දු වත්මන් පුරපති .

අලුත් පුනරුදය හීන්කෙන්ද පවරාගත් නගරසභා දේපොළ ආපසු දෙති ...........?...

අලුත් පුනරුදය හීන්කෙන්ද පවරාගත් නගරසභා දේපොළ ආපසු දෙති ………..?

මෙහිපහත පලවන්නේ ම්ගමුව මහානගර සභාවේ  හිටපු නගරාධිපති රොබට් හීන්කෙන්ද...

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img