කිබුලාපිටිය ඔයේ නයිකන්ද පාමුල පාලම අසල ඉවුරු කපා වැලි ගොඩගසා ඇති අන්දම මෙම මස 26 දින එහිගිය අපට දැකගන්නට ලැබුනා.
.මෙම වැලි කැපීම පිලිබදව කටාන ප්‍රාදේශීය සභාවේ මැයි මස මාසික මහා සභාරැස්වීමේදීද මන්ත්‍රීවරු කරුණු ඉදිරපත් කලත් එම වැලි කැපීමතවමත් නතරවී නැතිබව දක්නට ලැබෙනවා.
මෙම ඉවුර කැපීම පිලිබදව මහා සභාවේදී කරුණු පැහැදිලිකරමින් පොදුජන එක්සත් පෙරමුණේ චමින්ද රත්නායක මන්ත්‍රීවරයා මෙම ජාතික අපරාධය නතරකිරීමට කටයුතුකරන ලෙස ඉල්ලීමක් කළේය
පළාත නියෝජනය කරන චම්පික හෙට්ටිආරච්ච් පාරලිමේන්තු මන්ත්‍රී වරයා මගින් මේ කටයුතු නැවැත්වීමට අවශ්‍ය මැදිහත් වීම සිදුකර ඇතිබවත් එසේ තිබියදීත් වැලි ගොඩ දැමීම සිදුවන්නේ අදිසි හස්තයක බලපෑමෙන් දැයි තමන්ටද සැකයක් ඇතිබව ජාතික ජනබලවේගයේ කටාන ප්‍රාදේශීයසභා මන්ත්‍රී කුමාරසිරිගුණවර්ධන මහතා මේ සදහා කඩිනමින් මැදිහත්වන්නැයි එදින රැස්වීමේ මුලසුන හෙබවූ නියෝජය සභාපති අජිත් ප්‍රියදර්ශන මහතාගෙන් ඉල්ලීමක් කරනු ලැබිය. බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ අවදානය පිණිසයි






