නගර සභාව RDA පාරේ කප්පම ගනී ……..?

මිගමුව මහානගර සභාව තමන්ගේ දේපොළ විවධ පුද්ගලයන්ට සහ කණඩායම් වලට කොල්ලකෑමට ඉඩදී කිසිදු නිත්‍යානුකුල අයිතියක් නැති මාරග සංවර්ධන අධිකාරියට  පළාත් මාරග සංවර්ධන අධිකාරියට අයත් පාරවල් වල නවතා තබන වාහන වලින් මුදල් අයකිරීමට ටෙන්ඩර් කර ලබාදීමද සෙල්බි පාරේ සිදුකල කප්පම් ගැනීමට සමාන කටයුත්තකි .

නගර සභාවේ  මාසික සභා රැස්වීමට  නගරයේ සංවර්ධනයට  ඉදිරිපත් වන යෝජනා දැකගැනීමට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි ඩිජිටල් ලෝකයක සිටිමින් ජනතාවගේ සහ නගර සභවේ නිලධාරිගේත් කාලය කා දමන ජංගම සේවා වැනි ඇනලොග් යෝජනා ඉදරිපත්කරනබව දැකගන්නට ඇත.

හිටපු පාලකයන් සිදුකල බවකියන වංචා දුෂණ ගැන එකම තැටිය දිගින් දිගටම වාදනය කිරීමෙන් නගරයට හෝ නගර වැසියන්ට ලැබෙන කිසිවක් නැත.වංචා දුෂණ ඇත්නම් මාසයකට වරක් රැස්වන මහා සභාවේ දිගින්දිගටම ගැලරිය පිනවන කථා කියමින්  කාලය නාස්ති නොකර අල්ලස් කොමිසමට , මුල්‍ය අපරාධ කොට්ඨාශයට,අපරාධ විමර්ශන ඒකකය ආදී වශයෙන් ඇති  නිතිය ක්‍රියාත්මක කරන ආයතන වලට  නිත්‍යානුකූල ලෙස පැමිණිලිකර එම විමර්ශන සදහා සහයෝගය දැක්වීමට කටයුතු කළයුතුව ඇත.

අනුන්ගේ පාරවල් බදුදීම වැනි නීති විරෝධී කටයුතු සිදුනොකර බදු වැඩි නොකර නගර සභාවට නව ආධායම් උපයාගැනීම සදහා ඕනෑතරම් අවස්ථා ඇත.

තම තමන්ගේ කොට්ඨාශයේ ඇති එවැනි ප්‍රභවයන් පිලිබදව සොයා බලා යෝජනා ඉදිරිපත් කිරීම සියලු නාගරික මන්ත්‍රීවරුන් ගේ වගකීමකි.

කුණු ටැක්ටරය පසුපස ගමන්කිරීම සහ වීදිලාම්පු සවිකරන වහනය පසුපස යාම තමාගේ එකම වගකීම ලෙස සලකා කටයුතු කිරීම කණගාටුවට කරුණකි.

අප විසින්  හදුනාගෙන ඇති එවැනි අදායම්  උපයාගත හැකි අවස්ථා කිහිපයක් ගැන පමණක් මෙහි සදහන් කරනු ලබන්නේ උදාහරණයක් වශයෙනි.

අපවිසින් හෙළිදරවු කල නගර සභාවට  නිත්‍යානු හිමිකම ඇති කොටස් කිහිපයකට කඩා බාලදක්ෂ සංගමයට, සිංහ සමාජයට මිගමුව ජායාරුප ශිල්පීන්ගේ සංගමයට සහ රියදුරු පුහුණු පාසැල් සංගමයට  නොමිලයේ ලබාදී තිබු ඉඩම මැදින් ඉඩමේ වටිනාකම නැතිකර කැබලිකර බෙදා දීම සදහා උපක්ක්‍රමයක් ලෙස ඉඩම මැදින් ඉදිකර ඇති අනවශ්‍ය අතුරු පාර  ඉවත්කර  සම්පුර්ණ ඉඩම රාජ්‍ය පුද්ගලික හවුල් කාරිත්වය යටතේ  කාරයාල සංකීර්ණයක් වෙළද සංකීරණයක් වැනි මිශ්‍ර ව්‍යාපෘතියක් මගින් සංවර්ධන කිරීම.

දැනට ප්‍රයෝජනයට ගෙන නොමැති වසර ගණනක් තිස්සේ වැඩ නිමකර වසා දමාගෙන සිටින පුස්තකාල ගොඩනැගිල්ලේ බිම්මහලේ  වාණිජ ගොඩනැගිලි කඩිනමින් බදු දීමට කටයුතු කිරීම

දැනට ගරා වැටෙමින් පවතින බස්නැවතුම් පොලේ ප්‍රධාන ගොඩනැගිල්ලේ අඩුපාඩු සකස්කර එම ඉඩකඩ කුලියට හෝ බද්ධට ලබාදීම.

නගරයේ තැනින් තැන ඇති නගර සභාවට අයත් දේපොළ වලින් දැනට නිරවුල්ව පවතින දේපොළ සුදුසු සංවර්ධන කටයුතු සදහා යෙදවීමද සිදුකල හැකිය.

එසේ නොමැතිව නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හොයනවා  මෙන් වැඩය නොකෙරෙන තැනට කරුණු සෙවීම දැන්වත් නතරකල යුතුව ඇත මන්ද දැනටමත් දුරකාලයෙන් අවුරුද්දක් දැනටමත්  ගෙවී ගොස් ඇත.

නගරාධිපති තුමාවිසින්  වසර ආරම්භයේ පත්කරගන්නා උපදේශක මණ්ඩලයක් ඇතත් එය නමට පමණක් ඇති මණ්ඩලයක් බව පෙනෙන්ට ඇත .

තව කියවන්න

නාගරික කොමසාරිස් නීති විරෝධී ගිවිසුමක් අත්සන් කලාද ?

 

Hot this week

කෝවින්න ආදාහනාගාරයට මුවාවී දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමක්

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මිගමුව නගර සභාවේ සිතල යුද්ධය අද ජුලි හතක් වෙයි

මිගමුව මහානගර සභාවේ ඉහල පුටු දෙකක තිබුණු ශීතල යුද්ධය...

මිගමුව ලංගම ඩිපෝවේ මදුරු රජදහනක් – අල්හිලාල් පාසලේ දරුවන් 10 ක් රෝහලේ

මිගමුව ඩිපෝවේ අබිලි ද්‍රව්‍ය සහ අබලන් බස් ගාල් කර...

නාගරික කොමසාරිස් නීති විරෝධී ගිවිසුමක් අත්සන් කලාද ?

මිගමුව  නගර සභා බල ප්‍රදේශය තුල මාර් ග  සංවර්ධන...

Topics

කෝවින්න ආදාහනාගාරයට මුවාවී දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමක්

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මිගමුව නගර සභාවේ සිතල යුද්ධය අද ජුලි හතක් වෙයි

මිගමුව මහානගර සභාවේ ඉහල පුටු දෙකක තිබුණු ශීතල යුද්ධය...

නාගරික කොමසාරිස් නීති විරෝධී ගිවිසුමක් අත්සන් කලාද ?

මිගමුව  නගර සභා බල ප්‍රදේශය තුල මාර් ග  සංවර්ධන...

මිගමුව බන්ධනාගාරය ඩෙංගු රතු කලාපයේ

  800 ක් පමණ රදවා තැබිය හැකි මිගමුව බන්ධනාගාරයේ මේ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img