කප්පම් ගැනීමට එරෙහිව මාලිමා නාගරික මන්ත්‍රී ගෙන් පැමිණිල්ලක් …..

මිගමුව මහානගර සභාබල ප්‍රදේශයේ දේශපාලන බලයේ පැහැදිලි බහුතරයක් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය විසින් හිමිකර ගෙන මේවනවිට අවුරුද්දකට වැඩිකාලයක් ගතව ඇත.

එහෙත් මීගමුව නගරයේ පරිපාලන කටයුතු පැවති මජරක්‍රමයටම සිදුවන බවටත්  තැනින්තැන නිත්‍යානුකුල බලයක් නොමැතිව යම්යම් පුද්ගලයන් සහ කණ්ඩායම් විසින් කලක් තිස්සේ කරගෙන ගිය මුදල් එකතුකිරිම (කප්ප්පම් ගැනීම )නතර නොකිරීම පිලිබදවත් නගරසභා පාලනයට දිගින් දිගටම චෝදනා එල්ලවිය.

මේ කප්පම් එකතුකිරිම පිලිබදව අප ඇතුළු ජාතික සහ සමාජ  මාධ්‍ය දිගටම කරුණු සහිතව පුවත් පල කළෙමු.

එහෙත් මෙපිලිබදව නගරසභාවේ කොමසාරිස් හෝ බලයලත් නිලධාරීන් විසින් නිත්‍යානුකුල  පියවර නොගැනීම නිසා පුරවැසියන් හැටියට අප මිගමුව මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති වරයාට මෙම කප්පම් ගැනීම පිලිබදව ලිඛිත පැමිණිල්ලක් 2026.07.01 දින සිදුකල අතර එම පැමිණිල්ල විභාගකල මිගමුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති වරයා විසින් 2026.07.02 දිනසිට සෙල්බිපාර ඇතුළු නගරසභාව සතු මාර්ගවල අනවසරයෙන් සිදුකල මුදල් එකතුකිරිම නතරකරන ලෙස වාචික උපදෙස් දීමක් සිදුකරනු ලැබිය.

මෙම ස්ථානයේ මුදල් එකතුකිරීම තහනම් කරනලද දැන්වීම් සවිකළ යුතුබවට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදීද සාකච්චාවූ නමුත් නගර සභාවේ නිලධාරීන් විසින් දැන්වීම් පුවරු කිහිපයක්  හොදින් පෙනෙන ලෙස සවිකිරීමේ වගකීමදිගින් දිගටම  පැහැර හරිනු ලැබිය..

විපක්ෂය වසින් පසුගිය මහා සභාවට මෙම මුදල් එකතුකිරිම පිලිබදව විමසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දීම මගහැර යාමට   පහැදිලි තොරතුරු ඇතුලත් නොකර ඇපෙන් ගැළවීමට එක දැන්වීම් පුවරුවක් වාහනයක් නැවත්වු පසු නොපෙනී යන තැනක සවිකිරීමට අදාළ නිලධාරීන් කටයුතු කර තිබිණි.

එහෙත් .අද වනවිටත් මෙම කප්පම් ගැනීම නතර නොවීම සහ නගර සභාවේ නිලධාරීන් කප්පම් කරුවන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීම සදහා පොලිසිය වෙත පැමිණිලි කිරීම හිතාමතාම මගහරිමින් සිටීම හේතුවෙන්

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජාතික ජනබලවේගය පක්ෂයෙන්  ම්ගමුව මහානගර සභාවට මහජන ජන්දයෙන් බෝලවලාන කොට්ඨාශයේ මන්ත්‍රීවරයා වශයෙන්  පත්වසිටින මොහාන් අබේසේකර මහතා මිගමුව පොලිසියට CIB iii 80 233   යටතේ අද 22 දින  මෙම අනවසර මුදල් එකතුකිරිම පිලිබදව  පැමිණිල්ලක් සිදුකර ඇත.

දැන් කළයුතුව ඇත්තේ කප්පම් කරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කිරීමේ වගකීම ක්‍රියාත්මක කිරීමයි

Hot this week

මීගමුවේ පෙට්ටිකඩ මාපියාවක්

මිගමුව නගරයේ පදික වේදිකා වලින් වැඩි කොටසක් අනවසර ඉදිකිරිම...

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

Topics

මීගමුවේ පෙට්ටිකඩ මාපියාවක්

මිගමුව නගරයේ පදික වේදිකා වලින් වැඩි කොටසක් අනවසර ඉදිකිරිම...

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img