කටාන ප්‍රදේශයේ සිදුවන වන විනාශයට එරෙහිව කටාන ප්‍රාදේශීය සභාවේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රාදේශීය සභා කාර්යාලය ඉදිරිපිට අද නිහඩ උද්ඝෝෂණයකනිරතවිය
වැලිහේන ‘රද්දොළුව ,සංවර්ධන වත්ත සහ කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබු මි ,කුබුක් ගම්මාළු , ආදී වටිනාගස් විවිධ සංවර්ධන ව්‍යාපෘතිවලට මුවාවෙමින් දේශපාලන හිතවතුන් හරහා කපා විකුණන බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරු චෝදනා කළේය.
මෙම චෝදනා පිලිබදව කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිනි ඉරේෂා ජයකොඩි මහත්මිය ගෙන් විමසීමක් කල අතර මේ අවස්ථාවේ කිසිදු අදහසක් ප්‍රකාශ නොකරන බවත් මහා සභාවෙන් පසුව ප්‍රකාශයක් ලබාදෙන බව පැවසිය.
කටාන ප්‍රාදේශීය ලේකම් සුමුදු අතුකෝරාල මහත්මියගෙන් එල්ලවන චෝදනා පිලිබදව සිදුකල විමසීමේදී අදාළ ස්ථානයේ ගොඩනැගිල්ලක් ඉදිකිරිම සදහා ගස් ඉවත්කිරීම සිදුකල බව ප්‍රකාශ කල අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් පවසන්නේ ඕනෑතරම් ඉඩකඩ තිබියදී ගොඩනැගිල්ලක් සෑදීම සදහා මෙම වටිනා ගස් සහිත ඔසුඋයන කපා දැමීම අපරාධයක් බවයි.
මෙම ගස් ඉවත්කිරීම සදහා අනුමැතිය ලබාගත් ලේඛන තිබේදැයි සිදුකල විමසීමට පිළිතුරු දුන් ප්‍රාදේශීය ලේකම් වරිය ප්‍රකාශ කලේ ප්‍රාදේශීය ලේකම් ලෙස නිසි ක්‍රමවේද අනුව ගස් කපා ඉවත් කල බවයි.






