81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන 81 වියේ පසුවන ලිලී ඇග්නස් සියඹලාපිටියලේඛන කලාවේ ප්‍රථම නිර්මාණය 1958 පහන්තරුව’ හි පළවීමෙන් ලේඛන කලාවට පිවිසෙන්නීය. ඇය එතෙක්, මෙතෙක් ආ ලේඛන ගමන අද්විතීයය. උදාරය. වසර 68 කාලයක ලේඛන ජීවිතයේදී ඇය කවි, කෙටිකතා,වාර්තා හා ඡායාරූපකරණයට යොමුවීමෙන් පෙන්වූ දක්ෂතා හා ජනප්‍රියතාවයද සුවිශේෂී ය.

පාසල් වියේ සිටම දක්ෂතා දක්වා ලේඛන කලාව ප්‍රගුණ කරගත් ඇය ”ඥානාර්ථ ප්‍රදීපය” ”භක්ති ප්‍රබොධනය ” ”ළමා ප්‍රදීපය” ”උඳුවප් මිහිර ” ” සාම මිහිර ” ” පහන්ටැඹ ” ” වින්දන ” නිර්මාණි ආදි පුවත්පත් හා සඟරාවන් සඳහා දහසකුත් නිර්මාණ ලියා ඇත.

මේ ලේඛන දිවියේදී ඇය 1989 දීප ව්‍යාප්ත ගුවන් විදුලි නත්තල් තරගයේ කුසලතා සම්මානයක් දිනා ගත්තාය. ඒ වගේම විශ්විය සහෝදරත්වය ව්‍යාපාරයේ අභීත කිතුනු ලේඛක සම්මානය (1996) උඳුවප් මිහිර’ රජත ජයන්ති සම්මානය (2002) පුවත්පත්වේදී කලා සම්මානය (2004), ජාතික කතෝලික ලේඛක හවුලෙන් පිරිනැමූ ඡායාරූප ශිල්පී සම්මානය, රප්ත ජයන්ති සම්මානය (2008), ක්‍රියාකාරී සාමාජික සම්මානය (ඇගයුම්) (2006), කිවිසුරු සම්මානය (2011) හා ඥානාර්ථ ප්‍රදීපය’ 150 වන සංවත්සර සම්මානයෙන් ද ඈ පිදුම් ලැබුවාය.

කිතු අබිමන් 2 ජාතික කලා සාහිත්‍ය මහෝත්සවයේදී ලේඛනයේ රැඳී සිටිමින් ජීවිතයේ එක වරක් පමණක් ලබන චිරකාලීන සම්මානය හිමිවු ප්‍රථම කාන්තාව වශයෙන් ඉතිහාසයට එක් වන්නේ මීගමුව, කටුවාපිටියේ, නො :1/118 හි පදිංචිව සිටින ඇග්නස් සියඹලාපිටිය මහත්මියයි.

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතින් පසුගියදා කිතු අභිමාන් චිරකාලීන සම්මානය ලබා ගන්නා ලදි.

ග්‍රන්ථ කරණයෙහිද දස්කම් දැක්වූ ලිලී ඇග්නස් මහත්මියගේ සුරතින් ලියූ ” කඳුහෙල් පරදා ” ” සඳුට හොරෙන් ‘, ”නොනිම් වාසනා ” (කෙටි කතා), ‘ අම්මාවරු ”, ‘දහම් සුවඳ”, “ලකඹර සුපිමල් ‘ කාව්‍යයන් ද වේ.

ඥානාර්ථ ප්‍රදීපය ලේඛක සංසඳයේ ආරම්භක සාමාජිකාවකද වන ඇය ජීවිතයේ ලේඛක, සාමාජීය, හා දහම් සේවාවල නිරත වෙමින් තමන්ගේ සේවය නොපිරිහෙලා ඉටු කලාය. ජාතික කතෝලික ලේඛක හවුලේ ද ආරම්භක සාමාජිකාව විය.

කටුවාපිටිය ධර්ම සේවා සභාව හා දිව්‍ය හෘදය සමිතිය වින්සෙන්ති පාවුලා සමිතිය වැනි සමිතිවල වසර 50 කට අධික කාලයක් සේවය කරමින් ක්‍රියාකාරී සාමාජිකාවක මෙන්ම එම සමිතිවල නිලතල හොබවමින් කටයුතු කර ඇත.

එසේම බෝලවලාන දිසාවේ ද වගකීම් දරමින් විවිධ සමිතිවල තනතුරු ගණනාවක් දරා ඇත. ඇය සවිමත් කාන්තාවකි. ජීවිතයේ සන්ධ්‍යා භාගයේ ඇය ඔත්පලව සිටියත් ගතින් සිතින් පන්හිද සමගය.

පන්හිද ජීවිතය බවට පත් කරගෙන සිටී. ඇයගේ ජීවිත කාලය පුරාම නිර්භයව අදහස් ප්‍රකාශ කරමින් සත්‍යයට සාක්ෂි දරමින් කැපවී ආදරයෙන් සෙනෙහසින් සැම දෙනා සමග එකමුතුවෙන් කටයුතු කර ඇත.

ඇයගේ දීර්ඝ කාලීන මෙහෙවරට සුබ පතමින් දෙමහෝත්තමයාණන්ගෙන් ලද සියලු වරප්‍රසාදයන්ට තුති දෙමින් විශේෂ ස්තුති යොගික දිව්‍ය පූජාවක් සැප්තැම්බර් මස 12 වන සෙනසුරාදා උදෑසන 10.00ට කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පැවැත්වේ.

එසේම 81 වන වියෙහි පසු වන ඇය අසනීප තත්ත්වයන් සමඟ පොර බදිමින් රචනා කරන ලද 07 කෘතිය ” කිව්ව රහස තේරුණා ” කෙටි කතා සංග්‍රහය දොරට වැඩුමද එදින සිදුවේ. ඇයට සුභ පතන්නට ඇය වෙනුවෙන් දෙවිඳුන් යදින්නට එදින කටුවපිටිය දේවස්ථානයට පැමිණෙන ලෙස ඔබ සැමට ආරාධනා කරමු.

කෙටි කතා සංග්‍රහය ඇගේ අත්සන සහිතව එදින ඔබට මිලදී ගත හැක.

Hot this week

වැලිහේනේ කපපු ගස් පෙන්වා මිලියනයක් දිනාගන්න

වැලිහේන ක්‍රීඩාංගනය අශ්‍රිතව කරන සංවර්ධන කටයුතුවලදී එක් කුබුක් පැලයක්...

කටානේ අනතුරුදායක ගස් ඉවත්කර – අලුතින් ගස් හිටවනවා -මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි

කටාන ප්‍රාදේශීය ලේකම්  කාරයාල භුමිය ඇතුළු කටානේ ස්ථාන කිහිපයක...

​“දෙමළ ජනතාවගේ මානසික තුවාලවලට සැබෑ ඖෂධය ආදරයයි !” – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර

දෙමළ ජනතාවගේ දීර්ඝකාලීන වේදනාවන්ට සහ ඔවුන් මුහුණ දී සිටින...

එල්නිනෝ වට මුහුණ දීමට කටානේ ගස් කැපීම වේගවත් කරයි

කටාන ප්‍රදේශයේ සිදුවන වන විනාශයට එරෙහිව කටාන ප්‍රාදේශීය සභාවේ...

අන්තර් ආගම් අතර ධාර් මික සංවාද යක් තිබිය යුතුයි -මහාචාර් ය කේ.එස්.එන්. අබේසිංහ

කතෝලික ජුදා ඉස්ලාම් හැමෝටම ඇත්තේ ඒක දේව වාදයක් අදහන්නේ...

Topics

වැලිහේනේ කපපු ගස් පෙන්වා මිලියනයක් දිනාගන්න

වැලිහේන ක්‍රීඩාංගනය අශ්‍රිතව කරන සංවර්ධන කටයුතුවලදී එක් කුබුක් පැලයක්...

කටානේ අනතුරුදායක ගස් ඉවත්කර – අලුතින් ගස් හිටවනවා -මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි

කටාන ප්‍රාදේශීය ලේකම්  කාරයාල භුමිය ඇතුළු කටානේ ස්ථාන කිහිපයක...

එල්නිනෝ වට මුහුණ දීමට කටානේ ගස් කැපීම වේගවත් කරයි

කටාන ප්‍රදේශයේ සිදුවන වන විනාශයට එරෙහිව කටාන ප්‍රාදේශීය සභාවේ...

අන්තර් ආගම් අතර ධාර් මික සංවාද යක් තිබිය යුතුයි -මහාචාර් ය කේ.එස්.එන්. අබේසිංහ

කතෝලික ජුදා ඉස්ලාම් හැමෝටම ඇත්තේ ඒක දේව වාදයක් අදහන්නේ...

මීගමුවේන් දවසකට කසල ටොන් 100 ක් …

කසල කලමනාකරණය බරපතල සමාජ ගැටලුවක් බවත් ඒ සදහා  සදහා...

කප්පම් ගැනීමට එරෙහිව මාලිමා නාගරික මන්ත්‍රී ගෙන් පැමිණිල්ලක් …..

මිගමුව මහානගර සභාබල ප්‍රදේශයේ දේශපාලන බලයේ පැහැදිලි බහුතරයක් ජනතා...

මීගමුවේ නීතිවිරෝධී මුදල් එකතුකිරීම් -ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලිඛිත පැමිණිල්ලක්

මිගමුව මහානගර සභාවේ නාගරික කොමසාරිස් විසින් මාරග සංවරධන අධිකාරියට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img