සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක් බවත් එය නැවත්වීමට නොහැකි බැවින් සිවිල් නඩුවක් පැවරීමට කටයුතු කරන ලෙස මිගමුව පොලිසිය විසින් ප්‍රකාශකලබව මිගමුව මහානගර සභාවේ ජාතික ජනබලවේගය නියෝජනය කරන නාගරික මන්ත්‍රී වරුන් නව මොහාන් අබේසේකර සහ ඇඩි කුමාර මහත්වරුන් පවසති.
ඔවුන් මෙම අදහස් පලකලේ මොහාන් අබේසේකර මන්ත්‍රීවරයා විසින් සෙල්බි පාරේ මුදල් එකතුකිරිම පිලිබදව මිගමුව පොලිසියේ සිදුකල පැමිණිල්ල පිලිබදව විවිධ පැමිණිලි අංශයේදී අද උදැසන 10.00 ට පමණ පැවති විභාගයෙන් අනතරුව මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.
පැමිණිල්ල විභාග කරන අවස්ථාවේදී එයට එක්වූ පියතුමා හෝ මීසම් සභාවේ සාමාජිකයන් වසර 50 ක පමණ කාලයක සිට මුදල් එකතු කිරීමේ කටයුතු සිදුකරනබව පැවසුවත් සෙල්බි පාරේ හෝ නව මාළු වෙළද පොලෙහි මුදල් එකතුකිරීමට තිබෙන නිත්‍යානුකුල අයිතියක් සනාථ කිරීමට කිසිදු ලේඛනයක් ඔවුන් සතුව නොතිබුන බව පැවසූ මන්ත්‍රීවරු දෙදෙනා පොලිසිය තමන්ට සිවිල් නඩුවක් පවරන ලෙස උපදෙස් ලබාදුන් බවද පැවසිය .
තවදුරටත් අදහස් පලකල මන්ත්‍රීවරු පැවසුවේ මේ නිසා වසර ගණනාවක සිට නගර සභාවට ලැබියයුතු විශාල මුදලක් අහිමිව තිබෙනවා සැබවින්ම මේ මුදල් එකතුකිරිම කප්පම් ගැනීමක් මේ පිලිබදව පොලිස් මුලස්ථානයට පැම්නිලි කරනවා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීම ඇතුළු නිත්‍යානුකූල කටයුතු කිරමට පියවර ගන්නවා මෙවැනි දේවල් වලින් පෙනෙන්නේ මෙහෙට වෙනම නීතියක් ඇතිබවයි





