මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම් පැහැර හරිමින් කටයුතු කිරීම හේතුවෙන් කෝටි 22ක මහජන මුදලින් ඉදි කළ මීගමුව බස් නැවතුම්පොළ මේ වන විට කඩාවැටීමේ අවදානමකට ලක්වෙමින් ඇත

2011 ඔක්තෝම්බර් මස  04 වන දින විවෘත කරන ලද මෙම බස් නැවතුම්පොළෙහි ඉහළ මහල් දෙක සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගත නොහැකි ලෙස අබලන් වී ඇත.

රසායනික ගිනි නිවීම් උපකරණ ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති වීම නිසා හදිසි ගින්නක් ඇතිඋවහොත්   අනතුරුදායක තත්ත්වයක් උද්ගතවීමේ හැකියාවක් ඇතිබව  ඇති බව නිරීක්ෂණය විය.

අබාධිත පිවිසුමක් සකස්  කිරීම නිත්‍යානුකුල අවශ්‍යතාවයක්  අවස්ථා ගණනාවකදී මාධ්‍ය මගින් පෙන්වා දුන්නත් අබලන්ව ඇති අබාධිත පිවිසුම අලුත්වැඩියා කිරීම සිදුකර නැත .එමෙන්ම අබාධිතයන් සදහා වෙන්කර ඇති වැසිකිලිය බස්නාහිර මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන්   විසින් ඉබිඅගුලක් දමා අත්පත්කරගෙන ඇත.

බස්නැවතුම් පොලේ පොදු වැසිකිලි පද්ධතිය ජලය නොමැතිබව පවසමින් මාස හයකට අධික කාලයක සිට වසා දමා ඇත.මෙනිසා දිනකට ගමනා ගමන පහසුව සලසා ගැනීමට පැමිණෙන 50000 ක් පමණවන ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව ඇතිඅතර බස්වනතුම් පොළ අවට පරිසරය අපවිත්‍ර කරමින් එමශාරීරික  අවශ්‍යතාවය  ගස්ගල්වලට මුවාවී සිදුකර ගැනීමට සිදුව ඇත.

බිම්මහලේ ඇති ටයිල් ගැලවී ඇති අතර කැඩුණු ටයිල් කොටස් වල ගැටීමෙන් මගීන්ගේ දෙපා තුවාල වූ අවස්ථා ඇතිබවද දැනගන්ට ඇත.

මිගමුව ජනතාව විසින් තමන් නියෝජනය කිරීම සදහා මිගමුව මහා නගර සභාවට පත්කර ඇති මහජන නියෝජිතයන් 49 දෙනා අතුරින් තමන්ට පැවරී ඇති වගකීම අවබෝධ කරගෙන කටයුතුකරන නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් සිටියත් වැඩිදෙනකු එවැනි අවබෝදයක් ඇතිබවක් දක්නට නැත.

ජනතා වගකීම් වලට වඩා ඔවුන් මේදිනවල වැඩි අවධානය යොමුකර ඇත්තේ නිලරථ බෙදාදීමේ සහ බෙදා ගැනීමේ කටයුත්තකට බව   නගරසභාවේ ප්‍රගති ශීලි සේවකයෝ පවසති.

මේ සදහා පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරු එකම කණ්ඩායමක් ලෙස එක්ව සිටිනබවද  දැනගන්නට ඇත (මේ පිලිබදව වැඩිදුර කරුණු පසුවට)

බස් නැවතුම්පොළ තවදුරටත් අබලන්වී එහිකොටස් ජනතාවගේ හිසමත  කඩා වැටී ජිවිත හානි සිදුවීමට  ඉඩ නොදී, අවශ  ප්‍රතිසංස්කරණය කටයුතු සිදු  කිරීමට පියවර ගැනීම  නිලරථ බෙදා ගැනීමට වඩා ප්‍රමුඛ කටයුත්තක් බව නාගරික මන්ත්‍රීවරු මෙන්ම නිලධාරීන් ද අවබෝධ කරගනු ඇතයි අප විශ්වාශ කරමු

Hot this week

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

Topics

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img