ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව – අකිලා නදීෂානි බණ්ඩාර

මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය කතෝලික බාලිකා පාසලක් මෙන්ම, මීගමුව පුරවරයේ ප්‍රථම කතෝලික බාලිකා පාසල ලෙස ස්ථාපිත “ආවේ මරියා බාලිකා විද්‍යාලය” සිය 150 වැනි සංවත්සරික ජුබිලි මහෝත්සවය (26)වැනිදා උදෑසන අභිමානවත් පා ගමනකින් සමරනු ලැබීය.

“පුංචි රෝමය” ලෙසින් හැඳින්වෙන මීගමුව පුරවරයේ ප්‍රමුඛ බාලිකා කිතු අභිමානය තමන් බව නැවත නැවතත් පසක් කරමින්, අලංකාරය සහ ගෞරව බහුමානය පෙරදැරිව මෙම ජුබිලි සංවත්සරික පා ගමන සංවිධානය කර තිබිණි.

හෙළ කිතුනු අනන්‍යතාවය පෙරදැරිව මෙම පා ගමන සංවිධානය කර තිබීමද විශේෂත්වයකි.මීගමුව, ආවේ මරියා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී ගරු ප්‍රියංගනී හතුරුසිංහ කන්‍යා සොහොයුරියගේ සහ එම විද්‍යාලීය ගුරුවර ගුරුවරියන්ගේ ප්‍රධානත්වයෙන්, හිටපු විදුහල්පතිනියන්, උප විදුහල්පතිනියන්, යහපත් එඬේරා නිකායේ කන්‍යා සොහොයුරියන්ගේද සහභාගිත්වයෙන් මෙම පා ගමන ආරම්භ විය.

ඉන් අනතුරුව පැවති ආගමික යාඥාවන්ගෙන් පසුව විදුහල්පතිනී ගරු ප්‍රියංගනී හතුරුසිංහ කන්‍යා සොහොයුරියගේ ප්‍රධානත්වයෙන් ගුරු භවතුන්, සිසු දැරියන් සහ ආදි සිසුවියන් ඇතුළු 7000කට අධික පිරිසක් මෙම 150 වැනි සංවත්සරික ජුබිලි පා ගමන ආරම්භ කළහ.

ආවේ මරියා බාලිකා විද්‍යාලීය ප්‍රධාන ද්වාරයෙන් ආරම්භ වූ පා ගමන, පරණ හලාවත පාරේ ශාන්ත පීතර දේවස්ථානය අසලින් ගොස් මීගමුව නගරයට පිවිස, මහා වීදිය ඔස්සේ කොප්පරා මංසන්ධියට පැමිණ, එතැන් සිට කොළඹ-හලාවත ප්‍රධාන මාර්ගය ඔස්සේ පෙරියාමුල්ල දුම්රිය හරස් මාර්ගය අසලින් නැවත පරණ හලාවත පාර ඔස්සේ ආවේ මරියා බාලිකා පාසලට පැමිණීමෙන් අනතුරුව පෙරවරු 10:30 ට පමණ නිමාවට පත් විය.

විදුහල්පතිනි, ගරු ප්‍රියංගනී හතුරුසිංහ කන්‍යා සොහොයුරිය සහ විද්‍යාලීය ගුරුභවතුන්, සිසු දැරියන්, ආදි සිසුවියන් අති විශාල පිරිසක්ද, එලෙසම ආවේ මරියා බාලිකා පාසලට අනුයුක්ත ලදරු පාසැලේ අධ්‍යාපනය ලැබූ ආදි ශිෂ්‍යයින් (පුරුෂයන්) පිරිසක්ද මෙම පාගමන සඳහා සහභාගී වීම විශේෂත්වයකි.

එය සැබවින්ම සමස්ත ආවේ මරියා පවුලේම එක්සත්කම කියාපාන දසුනක් විය.විද්‍යාලීය පෙරදිග, අපරදිග තූර්ය වාදක කණ්ඩායම් වල තූර්ය වාදන මධ්‍යයේ සහ දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි පපරේ වාදන කණ්ඩායම්වල සුමියුරු ගීත අනුවාදන රිද්මයන් මධ්‍යයේ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දැරියන් මෙන්ම විද්‍යාලීය ආදි ශිෂ්‍යාවන් අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම පා ගමන පැවැත්විණි.

වෙනත් කිසිදු බාහිර අලංකරණ අංගයන් මෙම අභිමානවත් සංවත්සරික පා ගමනට එක් නොකිරීමට සංවිධායකයින් කල්තියාම සැලසුම් කර තිබූ අතර, සිසු දැරියන් හා ආදි ශිෂ්‍යාවන්ගේ සහභාගිත්වය ප්‍රධාන කොට සලකා තිබිණි. වයෝවෘද්ධ ආදි සිසුවියන් පවා තමන් සිප් සතර හැදෑරූ තම පාසල පිළිබඳ අභිමානයකින් යුතුව ප්‍රීති ඝෝෂා කළ අතර, අභිනවයෙන් මව් පදවිය ලද ආදි සිසුවියන් කිහිප දෙනෙකුම තම අලුත උපන් සිඟිති ළදරුවන් පවා ලයට තුරුළු කර ගනිමින් පා ගමනට එක්ව සිටි ආකාරය දැකගත හැකි විය. එලෙසම විශේෂ අවැසිතා ඇති ආදි සිසුවියන් කිහිප දෙනෙකුද පා ගමනට සහභාගී සිටි අයුරු සැබවින්ම සංවේදී දසුනක් විය. දෙමහල් බස් රථ ගණනාවක්ද අලංකාරවත්ව සරසා පා ගමන සඳහා එක් කර තිබූ අතර, නර්තන කණ්ඩායම් කිහිපයක්ම මෙම සංවත්සරික ජුබිලි පා ගමන වර්ණවත් කළහ.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img