මීගමුව ඒත්තුකාල වෙරළ උද්‍යාන භූමියේ ඇති වැසිකිලි පද්ධතිය සහ බෝට් රෙස්ටුරන්ට පිහිටි රජයේ ඉඩම් ආපසු ලබාගැනීමේ පනතින් නෛතික විධිවිධාන ක්‍රියාත්මක කිරීමට ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කිරීමටත්,සන්තකය පවරාගැනීමෙන් අනතුරුව එම ඉඩමේ කොටස් වල අයිතිය මීගමුව මහා නගර සභාව වෙත පවරාදීමට ප්‍රාදේශීය ලේකම් විසින් අවශ්‍ය කටයුතු කළ යුතු යැයි මොහොමඩ් නසීම් මොහොමඩ් ෆසීර් නියෝජ්‍ය නගරාධිපති වරයා විසින් ඉදිරිපත්කල යෝජනාව මෙම මස 10 දින පැවති මිගමුව මහානගර සභාවේ මාසික සභා රැස්වීමේදී සභා සම්මත විය.
යෝජනාවට පක්ෂව ජන්ද 40 ක් ලැබුණු අතර විපක්ෂව කිසිදු නාගරික මන්ත්‍රීවරයෙකු ජන්දය ප්‍රකාශ නොකළ අතර ජන්දය විමසන අවස්ථාවේ මන්ත්‍රීවරු 6 දෙනකු සභාවේ නොසිටි අතර මන්ත්‍රීවරු තිදෙනක් එදින මහාසභාව සදහා පැමිණ නොතිබුණි.
මේ පිලිබදව පැවති විවාදයේදී සභාව ඇමතු සියලු නාගරික මන්ත්‍රීවරු යෝජනාවට පක්ෂව අදහස් පලකිරීමද විශේෂත්වයකි.
නගරාධිපති දුලීප් චාමර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභාවේ සභා ශාලාවේදී මහාසභා රැස්වීම පැවැත්විණි.
ජායාරූපය AI නිරමානයකි






