ඉන්දු ශ්‍රී ලංකා ‘මිත්‍ර ශක්ති – XII’ යුද අභ්‍යාසය 2026 අවසන් ….

ශ්‍රී  ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දීය යුද්ධ හමුදාව අතර වාර්ෂිකව පැවැත්වෙන ද්විපාර්ශ්වික ඒකාබද්ධ යුද අභ්‍යාස මාලාවේ 12 වන අදියර වන ‘මිත්‍ර ශක්ති – XII’ යුද අභ්‍යාසය 2026 නොවැම්බර් මස 13 සිට 26 දක්වා මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී සාර්ථකව පැවැත්විණි.

මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 17 දෙනෙකු සහ සෙසු නිලයන් 153 දෙනෙකු ද, ඉන්දීය යුද්ධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 19 දෙනෙකු සහ සෙසු නිලයන් 150 දෙනෙකු ද සහභාගි වූහ. අභ්‍යාස පාලන හා සහායක අංගයන් ද ඇතුළුව භටපිරිස් 650කට අධික සංඛ්‍යාවක් මෙම වැඩසටහන සඳහා දායක වූ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද ඒ සඳහා සහාය ලබා දුන්නේය.

අභ්‍යාසයේදී බලඇණි මට්ටමේ කැරලි මර්දන මෙහෙයුම්, ගුවන් සහාය ඒකාබද්ධ කිරීම, නගරබද හා කැලෑබද සටන්, ජීව වෙඩි තැබීම්, රැක සිට පහරදීමේ මෙහෙයුම්, යුද රථ පෙළවල ආරක්‍ෂාව තහවුරු කිරීම සහ මහජන සාමය තහවුරු කිරිමේ මෙහෙයුම් ඇතුළු විවිධ උපක්‍රමික පුහුණු ක්‍රියාකාරකම් සිදු කෙරිණි.

එමෙන්, විශේෂ බළකා පුහුණු පහසුකම් නිරීක්‍ෂණය කිරීම, සටන් පුහුණු උපකරණ භාවිතය සහ විවිධ මෙහෙයුම් අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රායෝගික පුහුණුවීම් ද ඊට ඇතුළත් විය.

අභ්‍යාසයේ අවසන් ප්‍රායෝගික අදියර වන ‘Assault on Fortified Village’ නිදර්ශනය 2026 නොවැම්බර් මස 25 දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ එම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සහ සහකාර ආරක්‍ෂක උපදේශක ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක් ද එක්ව සිටියහ.

‘මිත්‍ර ශක්ති – XII’ ඒකාබද්ධ යුද අභ්‍යාසය

තුළින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දීය යුද්ධ හමුදාව අතර ඒකාබද්ධව මෙහෙයුම් සිදුකිරීමේ හැකියාව, වෘත්තීය දැනුම හා අත්දැකීම් හුවමාරුව මෙන්ම අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි වූ අතර, දෙරට අතර පවතින දිගුකාලීන හමුදා මිත්‍රත්වය සහ කලාපීය සාමය හා ආරක්‍ෂාව වෙනුවෙන් වන කැපවීම ද යළිත් තහවුරු විය.

යුදහමුදා මාධ්‍ය ඒකකය

Hot this week

FACE BOOK වීරයන් සතියෙන් යටයනවා -සභාපති කටාන ප්‍රාදේශීය සභාව

පුද්ගල පෞරෂය පෙන්නුම් කරන්නේ භාවිතය තුලින් බවත් ෆේෂ් බුක්...

කෝවින්න ආදාහනාගාර ව්‍යාපෘතියේ වංචා දුෂණ- මාලිමා මන්ත්‍රී පරීක්ෂණයක් ඉල්ලයි

කටාන ප්‍රාදේශීය සභාවට අයත් කෝවින්න ආදාහනාගාර ව්‍යාපෘතියේ වංචාවක් දුෂණයක්...

පදික වේදිකා බදුදෙන්න බෑ – නඩුතීන්දුව මෙන්න ………

2025 මැයි 7 මැතිවරණ ප්‍රතිඵල අනුව මුළු ආසන 49න්...

කටුවපිටිය ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය විවෘත්ත කරයි

කටුවපිටිය දේවස්ථානය අසල සේවා පියස පැවති ගොඩනැගිල්ලේ  අලුතින් ස්ථාපනය...

බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවා තාවකාලිකව අත්හිටවයි …..

අත්‍යවශ්‍ය තාක්ෂණික වැඩි දියුණු කිරීමක්  සදහා  2026 නොවැම්බර් මස...

Topics

මිලියන 43.84ක් වටිනා ‘කුෂ්’ ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ (NCU) නිලධාරීන් විසින්...

ශාන්ත මරියා පාසලේ ක්‍රීඩා පිටිය මිගමුව නගර සභාවේ වත්කමක්

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක.156ජී, උතුරු මුන්නක්කරය ග්‍රාම නිලධාරී...

ඒත්තුකාල වෙරළ උද්‍යානයේ කොටසක් නගර සභාවට පවරන්න – යෝජනාවට මන්ත්‍රීවරු 40 ක් පක්ෂයි

මීගමුව ඒත්තුකාල  වෙරළ උද්‍යාන භූමියේ ඇති වැසිකිලි පද්ධතිය සහ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img