තිස්ස අත්තනායක: ජනපති, අගමැති සාක්ෂි නොදීම “විත්තිකරුට අගතියක්”

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි දීම පිණිස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රාජකාරිමය හේතුන් මත දිගින් දිගටම පෙනී නොසිටීම හේතුවෙන් විත්තිකරුට අගතියක් සිදුවන බව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

පසුගිය ජනාධිපතිවරණය සමයේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර රහසිගත ගිවිසුමක් පවතින බවට කූඨ ලේඛනයක් ප්‍රදර්ශනය කරමින් ජාතීන් අතර සුහදතාව බිඳ දැමීමට කටයුතු කළේ යැයි තිස්ස අත්තනායක හිටපු මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී තිබේ.

ඒ අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුති පනත යටතේ නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව නඩු පවරා තිබේ.

අදාළ නඩුවේ සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි එහි පළවන සාක්ෂිකරු ලෙස නම් කර සිටින අගමැති රනිල් වික්‍රමසිංහ සහ දෙවන සාක්ෂිකරු ලෙස නම් කර සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත තුන්වන වතාවටත් සිතාසි නිකුත් කර තිබිණ.

අගමැති සහ ජනපතිImage copyrightGETTY IMAGES

එහෙත් නඩුව කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ රාජකාරිමය හේතූන් මත තමන්ට අධිකරණය හමුවේ පෙනී සිටීමට අපහසු බවට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිය ලේකම් කාර්යාලය මගින් තමන් වෙත ලිඛිතව දැනුම් දී ඇති බවය.

එහිදී රජයේ නීතිඥවරිය වෙත ප්‍රශ්නයක් යොමු කළ විනිසුරුවරයා, මෙම නඩුවේ අවසානයක් දකින්නේ කවදා දැයි විමසා සිටියේය.

“රාජකාරි හේතු සඳහන් කරමින් සාක්ෂිකරුවන් දිගින් දිගටම අධිකරණයට පැමිණෙන්නේ නැහැ. ඔවුන්ට රාජකාරි තිබෙන බව අධිකරණය පිළිගන්නවා. එහෙත් ඔවුන් දිගින් දිගටම නොපැමිණිම නිසා විත්තිකරුට අගතියක් සිදු වෙනවා. විත්තිකරුට හැමදාම විත්තිකරු වශයෙන් සිටීමට බැහැ,” යනුවෙන් සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා නඩුව විභාගකොට අවසානයක් දැකිය යුතු බව අවධාරණය කළේය.

නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන මෙන් රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේ, “දින ලබාදෙන්න පුළුවන්. එහෙත් මෙම සාක්ෂිකරුවන් අධිකරණයේ පෙනී නොසිටීම තමයි ප්‍රශ්නය,” යනුවෙන් සඳහන් කළ විනිසුරු විකුම් කළුආරච්චි නඩු විභාගය ජුලි මස 24 වැනි දින දක්වා කල් දැමුවේය.

එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත යළිත් සිතාසි නිකුත් කිරීමටද අධිකරණය නියෝග කළේය

BBC SINHALA

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img