මම හොද ශ්‍රීලාංකීය කතෝලිකයෙක් -දුසිරිත් නැති මිගමුවේ එජාපය බැබලවීමට කටයුතු කරනවා

-

තමන් හොද කතෝලිකයෙකු මෙන්ම ශ්‍රී ලාංකිකයෙකු බව මිගමුව එක්සත් ජාතිකපක්ෂයේ නව ආසන සංවිධයක පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පලකලේ මිගමුව ඔරලෝසු කණුව අසල පැවති පිළිගැනීමේ උත්සවයකින් අනතුරුව ඔබ මීගමුවට පැරිෂුට් කාරයෙක් දැයි   මාධ්‍ය වේදීන් කරනලද  විමසීමට පිළිතුරු දෙමිනි.

ඕනෑම කෙනකුට කැමැති දෙයක් ප්‍රකාශ කළහැකි බවද තමන්ගේ පියා මිගමුව ආසනයේ සංවිධායක වරයා ලෙස කටයුතු කරමින් 2010 ජනාධිපති වරණයේ දී එජාපය ජයග්‍රහණය  කළබවත් තමන්ද මෙයට පෙර මිගමුව ආසනයේ වැඩ බලන සංවිධායක වරයා වශයෙන් කටයුතු කලබවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මීගමුවේ එක්සත් ජාතික බැබලවීමටත් දුසිරිත් නැති   මිගමුවක් ගොඩනැගීම සදහා මෙන්ම ගම්පෙරලිය සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සියලු දෙනා එකතු කරගෙන කටයුතු කරන බවද පුද්ගලයන්ට වඩා වැදගත් වන්නේ අරමුණ බවද මන්ත්‍රීවරයා ප්‍රකාශකළේය.

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here