එක්සත් ජාතිකපක්ෂයේ නායකයන් කතාකරන ප්‍රජාතන්ත්‍රවාදය පක්ෂය අභ්‍යන්තරයේ නැතැයි මිගමුව මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරු බහුතරය ප්‍රකාශ කරති.
මන්ත්‍රීවරු මෙම අදහස් ප්‍රකාශකලේ මිගමුව එක්සත් ජාතිකපක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධයක රොයිස් විජිත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද 12 දින සවස ගල්කන්ද හන්දිය අසල පැවති උද්ඝෝෂණයේදීය.
මීගමුවේ එක්සත් ජාතිකපක්ෂයේ නව ආසන සංවිධායක ලෙස වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් 11 වනදින පත්කර ඇතිඅතර එම පත්කිරීමට විරෝධය දක්වමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි
අයවැය ජයග්‍රහණය කරගැනීම සදහා සහ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ පිල්මරුකිරිම වලකවා ගැනීම සදහා පක්ෂය ජයග්‍රහණයකරා රැගෙන ගිය මිගමුව ආසන සංවිධායක වරයා පක්ෂ නායකත්වය විසින් බිල්ලට දුන්බවට ද නාගරික මන්ත්‍රීවරු චෝදනා කළේය.
කැරලි මර්ධන පොලිසිය කැදවා තිබු අතර උද්ඝෝෂණය පැවති ස්ථානය අවට විශාල පොලිස් නිලධාරීන් කණඩායමක් රදවා සිටිනු දක්නට ලැබුණි.
Mung okkama ekai; paata witharai wenasakata thiyenne. Wedagath, ugath-kenata issarahata avith wedakkaranna denne nehe. Noogath thirisannu-thyamai unge warage oluwa-uda thiyagena kegahanne. Gamath ekai; ratath ekai; eyalage power pennanp
uluwan nisa hodin ho narakin dinnana balanawa. Ekama pakshaye idan-weda karanna beri evun kohomada gamak ho ratak palanaya karanne?