31 C
Negombo
31 C
Negombo

ලයිසන් නැත්නම් චේන්ෂෝ (දම්වැල් කියත්) අත්අඩංගුවට

-

ගස් කැපීමට යොදාගන්නා දම්වැල් කියත් සඳහා බලපත‍්‍ර ලබා ගැනීම මාර්තු 15 වැනිදා සිට අනිවාර්යවේ

ග‍්‍රාමශක්ති ජාතික මෙහෙයුම් වැඩ සටහන පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ අද (11) පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ බව අනාවරණය කළේය

එම කියත් සතු සියලූ දෙනා ඒ පිළිබඳව මේ මස 15 වැනිදා  සිට මාර්තු පහළොස්වැනිදා දක්වා ළඟම ඇති පොලිසියට වාර්තා කළ යුතු අතර  මාර්තුමාසය තුළ ඒ සඳහා බලපත‍්‍ර නිකුත් කරනු ඇත.

මාර්තු 15 වැනිදායින් පසු දම්වැල් කියත් පාරේ ගෙන ගියත් ගස් කැපීමට භාවිතා කළත් බලපත‍්‍ර නැත්නම් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ඇත.

රටේ ඇති වනාන්තර ප‍්‍රමාණයෙන් සියයට 1.5 ක් සෑම වසරකම අඩු වන  බවත් සවස දකින ගස උදේ දකින්නට නැති බව බොහෝ දෙනෙක් තමන් සමඟ පවසන බවත් පැවසූ ජනාධිපතිවරයා දම්වැල් කියත් තහනම ද වසර ගණනාවක් තිස්සේ ජනතාව කළ ඉල්ලීමක් යැයි ද කියා සිටියේය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.