මිගමුව මහනගරසභා දේපල අයාලේ – නගර සභිකයන් මරනින්දේ

-

මිගමුව මහනගර සභාවට අයත් දේපොළ කාලයක් තිස්සේ අයාලේ යමින් තිබෙන බව පෙනෙන්නට ඇත.බස්නැවතුම්පොළ ආසන්නයේ  අක්කරයක් පමණ විශාලත්වයක් ඇති   තැබෑරුම් වත්ත නමැති ඉඩම   මෙවැනි එක  ස්ථානයකි.

අද මෙම ඉඩම කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වල්බිහිවිමට ඉඩහැර ඇතිඅතර පිටතින් ගෙනැවිත්දමන කුණු තැනින් තැන ගොඩගැසී ඇති අතර ඉඩම තුල ඇති කඩාවැටුණු ගොඩනැගිලි කොටස්තුල විවිධ නීතිවිරෝධී ක්‍රියා සිදුවන බවට තොරතුරු වාර්තාවෙයි. ඉතා ඉහල චෙලද පොළ වටිනාකමක් සහිත  මෙම ඉඩම මහා නගර සභාව විසින් මිලදීගෙන ඇත්තේ සභා අරමුදල වැයකරමිනි සභා අරමුදල් යනු ජනතාවගේ බදුමුදල්ය

සභාව සතුමේ වටිනා  දේපල වල්බිහිවී යාම පිළිබදව ප්‍රදේශය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයා නොදන්නවා නම් සහ ඔහු මේ පිලිබදව  මහාසභාවේදී හෝ කමිටුවලදී කතා නොකරන්නේනම්  ඔහු පිලිබදව මීලග මැතිවරණයේදී සුදුසු ප්‍රතිචාරය දැක්වීම ජනතාවගේ වගකීමකි.

ස්ථිර කාර්යක් සදහා යොදා ගන්නා තෙක් මෙම භුමිය නගරයට පැමිණෙන වාහන ගාල්කිරිම සදහා යොදා ගතහැකිය එමගින් කිහිප දෙනෙකුට රැකියා මෙන්ම සභාවට අදායමක් උපයාගැනීමේ හැකියාවද ඇත.  එමෙන්ම මීගමුවේ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට විශාල බදාවක්ව පවතින රාත්‍රී වෙළද පොළ මෙම භුමියේ  පැවැත්විය හැකිය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here