31 C
Negombo
31 C
Negombo

ලංකාවේ දී මෙතෙක්  හමුනොවූ ඩුබායි වලින් ගෙනා මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකදී අල්ලයි

-

ලංකාවේ දී මෙතෙක්  හමුනොවූ දුම්කොළ සහ මධ්‍යසාර අඩංගු මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන  ඩුබායිහි සිට පැමිණි කොළබ අලුත්කඩේ පදිංචි කරුවෙකු බව කියන 49හැවරදී නාගුර් අඩුමෙයි මොහොමඩ් ගුලාම් නමැති විවාහකයෙකු අද(9)  උදැසන කටුනායකදී    මිගමුව සුරාබදු  නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මිගමුව සුරාබදු කාර්යාලයේ 698 සමරකෝන් නිලධාරියට ලැබුණු තොරතුරකට අනුව ප්‍රධාන සුරාබදු නිලධාරී රොෂාන් පෙරේරා ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබිණි.

මෙම මත්ද්‍රව්‍ය සුරා බදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බවත්  පල්පයක් ලෙස සකස්කර   විවිධ පලතුරු වර්ගවල කෘතීම රසයන් ගෙන් රසකර සිත්ගන්නා සුළු ඇසුරුමක මෙම මත්ද්‍රව්‍ය අසුරා ඇති අතර මේ නිසා මෙය ඉක්මනින් තරුණ කණ්ඩායම්  පාසල් දරුවන් අතරේ  ප්‍රචලිත වීමේ අවධානමක් ඇති බව ප්‍රධාන සුරාබදු නිලධාරී රොෂාන් පෙරේරා පවසයි.

මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලට අනුව සැකකරු රාත්‍රී සමාජශාලා හෝටල්සමග  කාලයක් තිස්සේ මෙම ජාවාරම කර ඇතිබව අනාවරණය වී ඇතිඅතර සහකාර සුරාබදු කොමසාරිස් පි බි ධර්මතිලක මහතාගේ උපදෙස් පරිදි සුරාබදු අධිකාරී අජිත් උපුල් කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකරන   වැඩිදුර විමර්ශන වලින් අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.සුරාබදු පරීක්‍ෂක රොහාන් රණසිංහ සමග සුරාබදු නියාමකවරුන් වන 793 දිල්හාන් සහ 999 ශිවන්ත යන නිලධාරින්ද විමර්ශන කටයුතු සදහා වලදී සහයවිය.

අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය අඩංගු  ඇසුරුම් සුරාබදු නිලධාරීන් විසින් පරීක්‍ෂා කරන අයුරු ජයාරුපයෙන් දැක්වේ

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.