30 C
Negombo
30 C
Negombo

චාලිගේ මිනීමරුවන් සොයා මිගමුව පොලීසිය පරීක්ෂණ අරබයි

-

කුඩුවට භූමිතෙල් දමා ගිනිතැබීමෙන් ඇතිවූ මරණිය පිළිස්සුම් තුවාල හේතුවෙන් මිගමුව කොප්පර හන්දිය ආසනයේ නිවසක සුරතලයට ඇතිකළ රොටර් වයිල්ඩ් වර්ගයේ සුනඛයෙකු මියයාමේ ශෝචනීය පැමිණිල්ලක් පිලිබදව මිගමුව පොලිසියේ විවිධ පැමිණිලි අංශයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම 30 වනදින අලුයම අසාමාන්‍ය ලෙස කෑගසන ශබ්දය පිලිබදව සොයා බැලීමට නිවසින් පිතට පැමිණි ගෙහිමියන්ට සුනඛයාගේ කුඩුව ගිනිගන්නා දක්නට ලැබී ඇත.

පිළිස්සුම් තුවාල සහිතව සිටි  වයස අවුරුදු දෙකක් පමණවන චාලි නමැති සුරතලා ගේ ජීවිතය  බේරා ගැනීමට පශුවෛද්‍යවවරු උත්සහාකලද එය ව්‍යාර්ථ වුයේ සිදුවී තිබුණු පිළුසුම් තුවාල බරපතල වීම හේතුවෙනි චාලිගේ අයිති කරුවන් ප්‍රකාශ කරන්නේ ගිනිගන්නා කුඩුව තුලින් භූමිතෙල් ගද වාහනය වූ බවයි.

සත්ව හිංසනය පිළිබද පනතට අනුව සතෙකු කෘරලෙස ඝාතනය කිරීම දඩුවම් ලැබීය හැකි සහ වරෙන්තුවක් නොමැතිව පොලිසියට අත්අඩංගුවට ගතහැකි වරදක් බව පෙන්වාදෙන සතුන්ගේ අයිතිවාසිකම් පිලිබදව කටයුතුකරන පුද්ගලයන් සහ සංවිධාන චාලිගේ මරණයට වගකිවයුතන් අත්අඩංගුවට ගෙන යුක්තිය ඉටුකිරීම පොලිසියේ වගකීමක් බව ප්‍රකාශ කරති.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.