ගෝඨාභය ගම්පහින් දේශපාලන කටයුතු පටන්ගනී

-

පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවල එකඟ විය හැකි එකදු කරුණක් හෝ නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුවහොත් රටට අහිතකර තත්ත්වයක් නිර්මාණය විය හැකි බව පෙන්වා දුන් රාජපක්ෂ මහතා කෙසේ හෝ මෙම යෝජනා පරාජය කිරීමට කටයුතු කළ යුතු බවත් අවධාරණය කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ පිටකෝට්ටේ වියත්මඟ කාර්යාලයේ දී (21) පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ගම්පහ දිස්ත්‍රික්කයේ එළිය සම්මන්ත්‍රණය පැවැත්විම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

මෙම යෝජනා තුළින් සිදුවන්නේ රට දෙකඩ විම බව පෙන්වා දුන් රාජපක්ෂ මහතා යුද්ධයෙන් කරගත නොහැකි වූ දෙය ව්‍යවස්ථාව හරහා සිදුකර ගැනීමට ඇතැමුන් කටයුතු කරමින් සිටින බවත් පැවසීය.

දෙමළ ජනතාවගේ ගැටලුවලට සාධාරණ විසැඳුමක් ලබාදිය යුතුය යන මතයේ තමා ද සිටින නමුත් දෙමළ ජනතාව උගසට තබා රට දෙකඩ කිරීමට ඉඩ තැබීමට පුළුවන්කමක් නොමැති බවත් අවධාරණය කළේය.

ප්‍රසන්න රණතුංග, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නිමල් ලන්සා, සිසිර ජයකොඩි, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවිර යන  ගම්පහ දිස්ත්‍රික්පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක්  මෙම අවස්ථාවට සහභාගී වි සිටියහ.

ප්‍රදීප් අනුරකුමාර

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here