අභියාචනාධිකරණයේ මුල්පුටුවට අගමැතිගේ පවුලේ හිතවතියක් ?-විමල් වීරවංස

අභියාචනාධිකරණයේ සභාපති ධුරයට ජනාධිපතිවරයා නම්කර ඇති ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරිය  පත්කිරීමට අගමැතිවරයා බියට පත්වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා පවසයි

මන්ත්‍රීවරයා මෙම අදහස් පලකලේ අද මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඒ මහතාට විරුද්ධව පවරා ඇති ගමන් බලපත්‍ර  නඩුවට  පෙනි සිට උසාවියෙන් පිටතට පැමිණි  අවස්ථාවේ මාධ්‍ය වේදීන් විසින් අසනලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

වැඩිදුරටත් කරුනු පැහැදිලි කල මන්ත්‍රීවරයා අගමැතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතුකරමින් සිටියදී විවධ ව්‍යාපාර කලබවට ඉදිරිපත් වූ පැමිණිල්ලක් අභියාචනාධිකරණයේ විභාග වනබවත් ඒ නිසා අභියාචනාධිකරණයේ සභාපති ධුරය කාට හිමිවිය යුතු දැයි අගමැතිවරයා ඉතා සංවේදීව කල්පනා කරනබවද පෙන්වා දුන්නේය.

තමන්ගේ පවුලේ හිතවතියකලෙස   අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දීද පිළිගත් අල්ලස් කොමිසමේ හිටපු සභාපති නිය දිල්රුක්ෂි ඩයස් මහත්මිය අභියාචනාධිකරණයේ සභාපති ධුරයටපත්කිරීමට උත්සාහයක් ඇති බවද විරවංශ මහතා සදහන් කළේය

ව්‍යවස්ථාදායක සභාව පිහිටුවා  මාසදෙකක් ඇතුලත ඔවුන් තනතුරු වලට  නිර්දේශ කරන අය පිලිබදව නිර්ණායක  සකස්කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බැදී  ඇතත් මේ දක්වා එම කාර්ය ඉටුකරනැතිබත් එම නිර්ණායක ඉදිරිපත් නොකරන්නේ  දේශපාලන සහ  වෙනත් උවමනාවන්ට අනුව  රිසිපරිදි තමන්ගේ අරමුණු ඉටුකරගැනීමට අධිකරණයේ විවිධ තනතුරු වලට පත්කිරීම් සිදුකර  ගැනීම සදහා යයීදමන්ත්‍රීවරයා  පැවසීය

ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවට වගකිව යුතුබවත් එයට පාර්ලිමේන්තුව අභිබවමින්කටයුතු කල නොහැකිබවත් .  අභියාචනාධිකරණයේ සභාපති ධුරයට ජනාධිපතිවරයා නම්කර ඇති ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරියකගේ නම අවස්ථා දෙකකදී හේතු දැක්වීමකින් තොරව ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇතිබවත් ජනාධිපතිතුමා විසින් එම විනිසුරු තුමිය සතිදෙකෙන් දෙකට පත්කරන අතර මෙනිසා ව්‍යවස්ථාදායකසභාව ද තක්කු මුක්කු වී ඇතැයි තමා සිතන බවද වීරවංස මහතා පෙන්වාදුන්නේය

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

Topics

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img