පූජකයින් කන්‍යා සොයුරියන් ලිංගික වහල්භාවය ඇතුළු අපයෝජනයට ලක් කර තිබූ බව පාප් වහන්සේ පිළිගනිති

එසේ පූජකයන් අතින් අපයෝජනයට ලක්වූ කන්‍යා සොයුරියන්ගෙන් සැදුම් ලත් පර්ශදයක් වසා දැමීමට, තමන්ට පූර්වයෙහි සිටි බෙනඩික්ට් පාප් වහන්සේට සිදු වූ බව ද උන්වහන්සේ සඳහන් කළහ.

පූජකයින් විසින් කන්‍යා සොයුරියන්ව ලිංගිකව අපයෝජනය කරනු ලැබූ බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පිළිගන්නා ලද පළමු අවස්ථාව මෙය බව සැලකේ.

මෙම ගැටලුව සම්බන්ධයෙන් පියවර ගැනීමට කතෝලික සභාව උත්සහ ගත් අතර එය “තවදුරටත් ක්‍රියාත්මක” බව ද පාප් වහන්සේ පැවසූහ.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අඟහරුවාදා (පෙබ. 05) මේ බව සඳහන් කළේ, සිය ඓතිහාසික මැද පෙරදිග සංචාරය අතරතුරදී මාධ්‍යවේදීන් අමතමිනි.

පාප් වහන්සේගේ ඓතිහාසික මැද පෙරදිග සංචාරය ගැන කියවන්න.

පූජකයින් මෙන් ම රදගුරුවරුන් ද කන්‍යා සොයුරියන් අපයෝජනය කර ඇති නමුත්, මේ බව දැන සිටින කතෝලික සභාව ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බව ද පාප් වහන්සේ සඳහන් කළහ.

“අපි දැනටමත් ඒ මාර්ගයේ ක්‍රියා කරමින් සිටිනවා” ඔහු සඳහන් කළේය.

“කන්‍යා සොයුරියන් සිටි පර්ශදයක් විසුරුවා හැරීමට තරම් බෙනඩික්ට් පාප් වහන්සේට ධෛර්යය තිබුණා. ඊට හේතුව වුණේ එයට වහල් බව ඇතුළු වීම යි. එය ලිංගික වහල්භාවය දක්වා වූ තැනකට පැමිණ තිබුණා. ඊට වගකිව යුතු වුණේ පූජකයින් හෝ එහි නිර්මාතෘ”

මේ ගැන විවෘතව කතා කිරීමෙන් තමන්ව වළක්වාලන “නිහඬ බවේ සංස්කෘතිය හා රහස්‍යභාවය” ප්‍රතික්ෂේප කිරීමට කතෝලික සභාවේ කන්‍යා සොයුරියන් පිළිබඳ ගෝලීය සංවිධානය පසුගිය නොවැම්බර් මාසයේදී පියවර ගත්තා.

දින කිහිපයකට ඉහතදී වතිකානයේ කාන්තාවන් පිළිබඳ සඟරාව වූ Women Church World මේ අපයෝජන හෙළා දකිමින් පැවසුවේ, ඇතැම් සිදුවීම්වලදී, පූජකයින් නිසා හට ගන්නා ගැබ් ගබ්සා කිරිමට කන්‍යා සොයුරියන්ට බල කෙරුණු බවය. ගබ්සා කිරීම කතෝලික දහම තුළ අකැප වූවකි.

බොහෝ කාන්තාවන්ට තමන් මුහුණ දුන් සිදුවීම් හෙළිදරව් කිරීමට, #MeToo වැඩපිළිවෙළ නිසා හැකි වී ඇති බව ද එම සඟරාව පවසයි.

BBCSINHALA

Hot this week

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img