32 C
Negombo
32 C
Negombo

රොයිස් යලි පත්කරනතුරු අපි සටන් කරනවා -ගිහාන් ප්‍රනාන්දු

-

එක්සත් ජාතික පක්‍ෂයේ මිගමුව නවආසන සංවිධායක වරයා ලෙස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පත්කිරීමට ගෙන ඇති  තීරණයට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා හමුවේ කරුණු ඉදිරිපත් කලබව ගිහාන් ප්‍රනාන්දු නාගරික මන්ත්‍රීවරයා පවසයි.

එමෙන්ම තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ  නාගරික මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සන් සහිත ලිඛිත විරෝධතාවයක් මහලේකම් වරයා වෙත බාරදුන්බවද පක්ෂනායක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හමුවීමට තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම අවස්ථාවක් සදහා ඉල්ලීමක් කර ඇතිබවද  නාගරික මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි

රොයිස් ප්‍රනාන්දු මහතා යලි මිගමුව එක්සත් ජාතිකපක්ෂයේ සංවිධායක වරයා ලෙස පත්කර ගැනීමේ සටන ජයගෙන මිස අතරමගදී ආපසු හැරීමක් හෝ සම්මුති නොමැති බවද ගිහාන් ප්‍රනාන්දු නාගරික මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.