32 C
Negombo
32 C
Negombo

කෝටි 36 කට අධික මුදලක් වංචාකල විගඩ සණස සමිතියේ සභාපති අත්අඩංගුවට

-

ගම්පහ විගඩ සණස සමිතියේ ගණුදෙනුකරුවන්ගේ තැන්පතු මුදල් රුපියල් කෝටි 36 කට අධික ප්‍රමාණයක් වංචා කලබවට චෝදනා ලැබ පොලිසිය මගහරිමින්  සැගව සිටි විගඩ සණස සමිතියේ සභාපතිවරයා ගම්පහ මුලස්ථාන පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුළු නිලධාරීන්  කණ්ඩායමක් විසින්  2019.04.19 වන අද දින උදෑසන ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

බන්සාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයෙකු විසින් ලබාදුන් සාර්ථක තොරතුරක් මත නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පහ දිස්ත්‍රික් සමුපකාර කොමසාරිස්තුමිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කල පැමිණිල්ලට අදාලව මෙම සණස සභාපතිවරයා පොලිස් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබිණි

සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.

ජයාරුපය මුහුණු පොතෙනි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.