‘ෆොනී’ ප්‍රචන්ඩවෙයි මුහුදු යාමෙන් වලකින්නයි කාලගුණය කියයි

 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබද අද දහවල් 12.00 ට නිකුත්කර ඇති නිවේදනයට අනුවගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින සුළි කුණාටුව (‘ෆොනී’) 29 වන දින පෙ.ව 08.30 වන විට මඩකලපුව සිට නැගෙනහිර දෙසින් කි.මී 580 පමණ දුරින් උතුරු අක්ෂාංශ 8.7 ත් නැගෙනහිර දේශාංශ 86.9 ත් ආසන්නව ස්ථානගතව පවතී. මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුලදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඊළඟ පැය 24 තුල ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වේ යැයි අනුමාන කෙරේ. මෙම පද්ධතිය මැයි මස 01 වන දින දක්වා නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වයඹ දෙසට ගමන් කර ඉන්පසුව ක්‍රමයෙන් නැවත හැරී ඊසාන දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කෙරේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල විටින් විටවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, දකුණු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශ වල තදවැසි ඇති විය හැක.

දිවයින වටා මුහුදු ප්‍රදේශවලසුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 පමණ වේ. සුළගේ වේගය විටින් විට පැ.කි.මී 50-60 දක්වා වැඩි විය හැක.

ශ්‍රී ලංකාවට දකුණු, ගිනිකොණ, නැගෙනහිර සහ ඊසාන දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල පැ.කි.මී 70-80 දක්වා වන සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී 100 දක්වා වන ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තුවේඑම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු සිට දළ රළු වේ. පද්ධතියේ කේන්ද්‍රයේ සිට කි.මී. 300 දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී 120-150 දක්වා වැඩි විය හැක.

ශ්‍රී ලංකාවට නිරිත, දකුණු, ගිනිකොණ, නැගෙනහිර, ඊසාන සහ උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ නැවත දැනුම්දෙන තුරුධිවර සහ නාවුක කටයුතු වලින් වලකින ලෙස ධීවරයන්ට උපදෙස් දෙනු ලැබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස ධීවර හා නාවුක ප්‍රජාවගෙන්ඉල්ලා සිටිනු ලැබේ.

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img