ETI ආයතනයේ  මුල්‍ය වංචාවන් පිලිබදව රජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාත්මක වීම අකර්මන්‍යයයි

-

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  නීතිපති දෙපාර්තමේන්තුව හෝ වෙනත් රජයේ  වගකිවයුතු   ආයතනයක් විසින්  (ETI) ආයතනයේ  මුල්‍ය වංචාවන් පිලිබදව කිසිදු පියවරක් නොගෙන තිබෙන පසුබිමක තැන්පත් කරුවන්ටම අපරාධ අධිකරණ වලට පැමිණ අපරාධ නඩු පැවරීමට සිදුව ඇතැයි නීතිඥ හරිත් හෙට්ටිආරච්චි මහතා පවසයි.

එ මහතා මෙම කරුණු අනාවරණය කලේ .එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ම්න්ට් (ETI) මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්හතර දෙනෙකු වන   දීපා එදිරිසිංහ ,නාලක  එදිරිසිංහ අසංක එදිරිසිංහ, සහ ජීවක එදිරිසිංහ යන අයට එරෙහිව මිගමුව  අධිකරණයේ  ගොනුකරඇති නඩු තුනකට  අදාලව අද මිගමුව අධිකරණයේ පැවති නඩු විභාගයෙන් අනතුරුව   මාධ්‍ය වෙත අදහස් පළකරමිනි

මිගමුව කුරණ  මංගල පාරේ පදිංචි අනුෂා ජයන්ති මහත්මිය විසින් 2011 අංක 42  මුදල් ව්‍යාපාර පනතේ 20 වන වගන්තිය    යටතේ මෙම නඩු  පවරා ඇත.

නඩුවලට අදාලව විත්ති පාර්ශවයෙන් ඉදිරිපත්කරනලද මුලික විරෝධතා සදහා ප්‍රතිඋත්තර පැමිණිලි පාර්ශවය වෙනුවෙන් ගොනුකලබවත් ඉදිරි කටයුතු සදහා දිනයක් ලබා දුන් බවද  නීතිඥවරයා පැවසිය.

මෙය බරපතල තත්වයක් බවද  රටේ තිබෙන මුල්‍ය ව්‍යාපාර පිලිබදව නියාමනයක් සිදුවෙනවද එමනියමනයන්ට අනුව මෙම ආයතන කටයුතු කරනවද යන්නපිලිබදව බරපතල තත්වයක් තිබෙන බවද පැවසූ නීතිඥවරයා රටෙහි මුල්‍ය සමාගම්වල ආයෝජනයකරන ජනතාවගේ අයිතිවාසිකම්වලට බරපතල හානියක් සිදුවී ඇතිබවද ඔවුන්ගේ ආයෝජන මුදල් වංචාකර තිබෙන සාවද්‍ය පරිහරණය කර ඇති අවස්ථාවක රජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාත්මක වීමේ අකර්මන්‍ය බවක් ඕනෑම කෙනෙකුට පෙනෙන්නට තිබෙන බවද වැඩිදුරටත් පැවසිය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here