ඇමරිකන් රිවෝල්වරයක් සමග ජිව උණ්ඩ 30 ක් දුන්ගාල්පිටියෙන් අසුවෙයි

-

මිගමුව දුන්ගාල්පිටිය පොල්අතු කදන් බොක්ක වෙරළ ආසන්නයේ තිබී ඇමරිකාවේ නිෂ්පාදිත රිවෝල්වරයක් සහ ඒ සදහා භාවිතා කරන ජිව උණ්ඩ 30 ක් දුන්ගාල්පිටිය පොලිසිය විසින් සොයාගෙන ඇත.

දුන්ගාල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස්පරික්ෂක රණසිංහ මහතාට ලැබුණු තොරතුරකට අනුව  සිදුකල විමර්ශනයේදී   රිවෝල්වරය සහ  ජිව උණ්ඩ සහිත පාර්සලය පොලිස්  විශේෂ කාර්ය බලකායේ  සහාය ඇතිව 29 වන සදුදා දින සවස 07.15 ට පමණ  පොලිසිය බාරයට ගෙන ඇත.

මේදිනවල සිදුවන සෝදිසි මෙහෙයුම් වලට බියෙන් යම් පුද්ගලයෙකු විසින් මෙම ගිනිඅවිය මුහුදු වෙරළට ගෙනැවිත් දමන්නට ඇතැයි පොලිසිය සැකපලකරන අතර .

මිගමුව ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී චන්දන අතුකෝරල මහතා ගේ උපදෙස් හා සහකාර පොලිස් අධිකාරී  4 රුවන් කුමාර සේකර මහතාගේ මෙහෙයවිමෙන් දුන්ගාල්පිටිය පොලිස් ස්ථානාධිපති වරයා  ගේඅධීක්ෂණයෙන්   අපරාධ විමර්ශන අංශයේ  ස්ථානාධිපති  ජයරත්න ද  සිල්වා මහතා විසින් මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරයි.

පොලිස් සැරයන් වරුන් වන 25187 ජයසිංහ,8364 රුබසිංහ 22787 වසන්ත පොලිස් කොස්තාපල් වරුන්වන 55466 සෙනවිරත්න 16894 ගයාන් 45570 මාරසිංහ යන නිලධාරින්ද මෙම  විමර්ශන කටයුතු සදහා සහභාගිවී ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here