31 C
Negombo
31 C
Negombo

ලක්‍ෂ 400 කප්පම් පැමිණිල්ලකට කටාන පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට සොයන එජාපයේ හිටපු පළාත්සභා මන්ත්‍රීවරයා කවුද ?

-

ලක්‍ෂ 400 කප්පම්ක් ගැනීමට ව්‍යාපාරිකයෙකු  පැහැරගෙන ගිය කප්පම් කල්ලියක සාමාජිකයන් බවට  සැකකරන  කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයනබව කියන බස්නාහිර පළාත්සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු මිගමුව මහා නගරසභාවේ හිටපු පක්‍ෂ මාරුකිරීමේ වාර්තාවක් තබා ඇති නියෝජ්‍ය නගරාධිපති වරයෙකු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයිවාර්තාවේ.

කටාන ආනන්ද පුරයේ   ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ චීන ජාතික බිරිද විසින්  කටාන පොලිසියට කරනලද පැමිණිලි අනුව සිදුකල විමර්ශන වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් සිදුකල පාපොච්චාරණ වලදී මෙම දෙදෙනා මෙම  පැහැරගැනීමට සම්බන්ධවූ බවට එලිදරවුවී ඇතිඅතර මංකොල්ලයට යොදාගත් ගිනිඅවිය සහ මාංචු ලබාදුන්නේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයා විසින්බව අත්අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රකාශ කර ඇතිබවද දැනගන්නට ඇත.

මාර්තු මස 22 දින නිවාස පරික්ෂා කිරීමට පැමිණි  පොලිස් නිලධාරීන් ලෙස පෙනිසිටිමින් නිවසට ඇතුළුවී ඇති සැකකරුවන් ව්‍යාපාරිකයා  පැහැරගෙන ලක්ෂ 90 ක් පමණ වටිනා මෝටර් රථයෙන්ම පැහැරගෙන කඩොල්කැලේ ලැගුම් හලකට රැගෙනවිත් දිනක් ඇතුලත කප්පම් මුදල් ලබාදීමට එකග කරවාගෙන කටුනායක ප්‍රදේශයට ගෙනගොස් දමා ඇතිඅතර උකස් කිරීමට රැගෙන යමින් තිබු ව්‍යාපාරිකයාගේ වාහනය පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.