32 C
Negombo
32 C
Negombo

කදිරාන  මාරිස්ටෙලා  විදුහලේදී අත්අඩංගුවටගත් ඉරාන ජාතිකයා රක්ෂිත බන්ධනාගාර ගතකරයි

-

කටුවාපිටිය දේවස්ථානයේ  සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමෙන් මියගිය මිගමුව කදිරාන  මාරිස්ටෙලා  ශාඛා පාසලේ සිසුවා  ගේ පාසල්  තොරතුරු ජයාරූප ගැනීමට පැමිණි රොයිටර් පුවත් සේවයට සම්බන්ද ඉරාන ජාතික ජයාරූප මාධ්‍යවේදියෙකු  බව කියන සිද්දික් මොහොමඩ් දනිස් නමැත්තා මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම මස 5  දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරඇත

රොයිටර් පුවත්සේවයේ  මාධ්‍යවේදියකු වන මෙම ඉරාන ජා තිකයා මාරිස්ටෙලා  ශාඛා පාසලේ  විදුහල් පති සහෝදර තුමා හමුවීමට අවශ්‍ය බව දන්වා ඇතිඅතර එම අවස්ථාවේ දෙමවුපියන් සමග සාකච්ඡාවක නිරත වනබැවින් නියෝජ්‍ය විදුහල් පති තුමා හමුවන ලෙස දන්වා ඇතත් ඔහු විදුහල්පති සහෝදර තුමාම හමුවීමට අවශ්‍ය බව පවසා ඇත

මේ අවස්ථාවේදී මොහු ඉරාන ජාතිකයෙකු බව දැනගැනීමත් සමග දෙමවුපියන්ද බියටපත්වී ඔහුට විදුහල් බිමට ඇතුළුවී ජයාරූප ගැනීමට ඉඩදීමට විරුද්ද වී ඇති අතර විදුහලින් කල දැනුම් දීමකට අනුව කටාන පොලිසිය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් ඉරාන ජාතිකයා රොයිටර් ආයතනයේ මාධ්‍යවේදියෙකු බවත් රටේ පවතින නීතිරීති වලට යටත්ව කටයුතුකළ යුතු ඔහු ඒ අනුව කටයුතු නොකිරීම නිසා මෙම තත්වය ඇතිවුබව අපකළ විමසීමකදී කදිරාන  මාරිස්ටෙලා  ශාඛා පාසලේ විදුහල් පති සහෝදර තුමා පැවසිය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.