කදිරාන  මාරිස්ටෙලා  විදුහලේදී අත්අඩංගුවටගත් ඉරාන ජාතිකයා රක්ෂිත බන්ධනාගාර ගතකරයි

කටුවාපිටිය දේවස්ථානයේ  සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමෙන් මියගිය මිගමුව කදිරාන  මාරිස්ටෙලා  ශාඛා පාසලේ සිසුවා  ගේ පාසල්  තොරතුරු ජයාරූප ගැනීමට පැමිණි රොයිටර් පුවත් සේවයට සම්බන්ද ඉරාන ජාතික ජයාරූප මාධ්‍යවේදියෙකු  බව කියන සිද්දික් මොහොමඩ් දනිස් නමැත්තා මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම මස 5  දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරඇත

රොයිටර් පුවත්සේවයේ  මාධ්‍යවේදියකු වන මෙම ඉරාන ජා තිකයා මාරිස්ටෙලා  ශාඛා පාසලේ  විදුහල් පති සහෝදර තුමා හමුවීමට අවශ්‍ය බව දන්වා ඇතිඅතර එම අවස්ථාවේ දෙමවුපියන් සමග සාකච්ඡාවක නිරත වනබැවින් නියෝජ්‍ය විදුහල් පති තුමා හමුවන ලෙස දන්වා ඇතත් ඔහු විදුහල්පති සහෝදර තුමාම හමුවීමට අවශ්‍ය බව පවසා ඇත

මේ අවස්ථාවේදී මොහු ඉරාන ජාතිකයෙකු බව දැනගැනීමත් සමග දෙමවුපියන්ද බියටපත්වී ඔහුට විදුහල් බිමට ඇතුළුවී ජයාරූප ගැනීමට ඉඩදීමට විරුද්ද වී ඇති අතර විදුහලින් කල දැනුම් දීමකට අනුව කටාන පොලිසිය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් ඉරාන ජාතිකයා රොයිටර් ආයතනයේ මාධ්‍යවේදියෙකු බවත් රටේ පවතින නීතිරීති වලට යටත්ව කටයුතුකළ යුතු ඔහු ඒ අනුව කටයුතු නොකිරීම නිසා මෙම තත්වය ඇතිවුබව අපකළ විමසීමකදී කදිරාන  මාරිස්ටෙලා  ශාඛා පාසලේ විදුහල් පති සහෝදර තුමා පැවසිය.

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img