33 C
Negombo
33 C
Negombo

මිගමුව නගරයේ කාණුවකින් ජිව උණ්ඩ 93 ක් හමුවෙයි

-

මිගමුව නගරයේ කාණුවකතිබී පතරොම් 93 ක් අද උදැසන 10.15 ට පමණ පොලිස් විශේෂ කාර්යබලකාය විසින් සොයාගනු ලැබීය.

පැරණි රාජ් සිනමා ශාලාව අසල කාණුවක් පවිත්‍ර කිරීමට ගිය මිගමුව මහා නගර සභාවේ  සේවකයන් මෙම පතරොම්  තිබෙනු දැක ඇතිඅතර  ඔවුන් විසින් කරන ලද දැනුම් දීමකට අනුව පැමිණි මිගමුව පොලිසිය සහ  විශේෂ  කාර්යබලකාය විසින් එම කානුව සහ අවට  පරික්ෂාකර ඇත.

මෙහිදී බෝර 12 තුවක්කු සදහා භාවිතා කරන සජීවී උණ්ඩ 93 ක් සහ මිලිමීටර් 3.8 රිවෝල්වර සදහා යොදන හිස් කොපු 20 ක් සොයාගෙන ඇත.

පවිත්‍රතා සේවකයන්ට අනුව මෙම කානුව අවසන් වරට මෙයට දින දෙකකට පෙර පවිත්‍ර කර ඇත. ඒ අනුව මිගමුව නගරයේ සිදුකරන සෝදිසි මෙහෙයුම් හේතුවෙන් කිසිවකු විසින්  මෙම පතොරොම් ගෙනැවිත් දමන්නට ඇතැයි පොලිසිය සැකපළ කරයි.

මිගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

 

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.