32 C
Negombo
32 C
Negombo

මිගමුව පොලිසියේ සරණාගතයන් විශාල පිරිසක් රැදී සිටීමෙන් පොලිස් නිලධාරිට අසීරුතා රැසක්

-

පකිස්තානු සරණාගතයන් විශාල පිරිසක් සතිදෙකක පමණ කාලයක් තිස්සේ මිගමුව පොලිසියේ නේවාසිකව සිසිටීමෙන් පොලිස් නිලධාරීන් මෙන්ම සරණාගතයන් ද අසීරුතා රැසකට මුහුණ දී ඇත.

පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් ආරක්‍ෂක හේතුන් කුලිනිවෙස් හිමියන් විසින් නිවාස වලින්  ඉවත් වනලෙස  කරන ලද දැනුම් දීමමත  මෙම සරණාගතයන් ආරක්‍ෂාව සදහා පොලිස් ස්ථානය වෙත රැගෙන විත් ඇති අතර ඔවුන් සුදුසු වෙනත් ස්ථානයක පදිංචි කරවීමට කිසිදු ක්‍රියා මාර්ගය  වගකිව යුතු රාජ්‍ය ආයතනවලින් මෙතෙක් ගෙන නොමැතිබව දැනගන්නට ඇත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්දව සේවය කරන සමාජසේවා  උපදේශන වැනි නිලධාරීන්කිසිවෙකු හෝ අඩුමතරමේ  ප්‍රාදේශීය ලේකම් වරයා හෝ මෙම ස්ථානයට පැමිණ නැත.

මේ අයට ප්‍රමාණවත් කැසිකිලි වැසිකිලි පහසුකම් මෙන්ම ශරීරය පිරිසිදුකර ගැනීමට නෑමට අවශ්‍ය ජල පහසුකම්ද ප්‍රමාණවත් තරම් ලබාදීමට හැකියාවක් පොලිසිය තුල නොමැත.කුඩා දරුවන්ද විශාල ප්‍රමාණයක් සිටින අතර ඔවුන් පොලිස් ස්ථානයේ ගරාජයේ  සහ  කාර්යාල ඉදිරිපිට ඉඩ තිබෙන තැන්වල නිදාසිටින අයුරුද ඉතාමත් කණගාටු දායක තත්වයකි.

මෙම සරණාගතයන් පොලිස් ස්ථානයෙන් ඉවත්කර සුදුසු ස්ථානයක පදිංචිකිරීම බල ධාරීන්ගේ

වගකීමකි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.