32 C
Negombo
32 C
Negombo

අවි ආයුද අතට ගන්නේ දුර්වල පුද්ගලයන් -මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන්

-

 

අවි ආයුද අතට ගන්නේ දුර්වල පුද්ගලයන් ඔවුන්ගේ ශක්තිය අයුදයයි  ශක්තිatmalkam  මත් අය ආයුදඅතට නොගෙන තමන් අදහන ආගම අනුව පිළිතුරු දියයුතු බවත් එවිට  ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට හැකිවනබවද  කාදිනල්  මැල්කම් රංජිත් අගරදගුරු හිමිපාණන් ප්‍රකාශ කළේය.

උන්වහන්සේ මෙම අදහස් ප්‍රකාශකලේ ඊයේ සවස මීගමුවේ දෙපිරිසක් අතර ඇතිවූ නොසන්සුන් තාවයක් ඇතිවූ පෝරුතොට ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකින් සහ පෝරුතොට ජුම්මා පල්ලියේ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

මෙය බය සහ සැකය මතඇතිවූ ඉතාමත් අවාසනාවන්තසිද්දියක් මෙවන් අවස්ථාවල අපි ආයුද හරබයට සුදානම් වීම හොද නැහැ.

ආයුද අතට ගෙන කිසිම ප්‍රශ්නයක් විසදිය නොහැකියි ලෝකයේ එහෙම  විසදුම් ලබාදුන් අවස්ථාවක් නැහැ.කිසිම ආගමික ස්ථානයකට හිරිහැර කිරීම නොකලයුතුයි.

පිටතින් පැමිණ යම්පුද්ගලයන් වැරදි කරනවානම් ඔවුන් අත්අඩංගුවට ගෙන  නීතිමගින් කටයුතු කලයුතුයි ඒ සදහා cctv කැමරා දර්ශන යොදාගන්න පුළුවන්.

පසැල් විවෘත කිරීමට සුදුසු වාතාවරණය සකස්කරදෙන තුරු ඉවසසිටින ලෙස ඉල්ලීමක් කල කාදිනල් හිමිපාණන් ආරක්ෂක කටයුතු පිලිබදව කරන ලද ඉල්ලීම මෙතෙක් ක්‍රියාත්මක කර නැහැ විශේෂයෙන්ම මිගමුව එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා සියලු ස්ථාන පරික්ෂා කරනලෙස  රජයේ ඉහලම තැන්වලින් ඉල්ලා සිටියත් ඔවුන්  එය සිදුකලේ නැහැ.

අපේ නායකයන් බොරුකියන්න   පුරුදුවෙලා අපට බොරු කියනවා ඒගැන කණගාටුවන බවද අගරදගුරු හිමිපාණන් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට කතෝලික පියතුමන් මවුලවි වරුන් සහ ප්‍රජානයකයන් පිරිසක්ද සහභාගී විය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.