අධිතාක්ෂණික  විද්‍යුත් උපකරණ(ජෑමර්) සමග පළාත් සභා මන්ත්‍රීවරයෙකු මීගමුවේදී අත්අඩංගුවට

-

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සන්නිවේදන තරංගමලා ඇතුළු තරංග මලා අවහිරකලහැකි අධිතාක්ෂණික  විද්‍යුත් උපකරණ(ජෑමර්) සමග මුස්ලිම් කොන්ග්‍රසය නියෝජනය කරන  ගම්පහ දිස්ත්‍රික් හිටපු පළාත්සභා මන්ත්‍රීවරයෙකු වන ශාෆි රහීම් මහතා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සැක පිට  අත්අඩංගුවට ගෙන ඇත.

ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මිගමුව පෙරියමුල්ලේ ලාසරස් පාරේ පිහිටි හිටපු මන්ත්‍රීවරයා ගේ නිවාස අද 7 දින පරීක්‍ෂාවට ලක්කර ඇති අතර ඔහු සන්තකයේ තිබී මෙම අධිතාක්ෂණික විද්‍යුත් උපකරණ  සොයාගෙන තිබේ.

මෙම උපකරණය සමග තිබි ඇති අත්පොතෙහි සටහන්වන අන්දමට  මෙගර්හර්ට්ස් 130 ත් මෙගර්හර්ට්ස්2655 ත් අතර තරංග මලා වර්ග මීටර 100 කදුරක් මෙම උපකරණයට   අවහිරකල හැකිබව සදහන් වේ.

මේ අනුව UHF ,VHF ,3 G ,4G CDMA  තරංග මලා අවහිර කිරීමට මෙම ජෑමරයට හැකියාවක් ඇතිබව දැනගැනීමට ලැබිණි.

මෙයට අමතරව වාහනයතුල තරංග මලා අවහිර කළහැකි අධිතාක්ෂණික  විද්‍යුත් උපකරණ 5 ක් ද අත්අඩංගුවටගත් උපකරණ අතර වේ.

මෙම උපකරණ ලංකාව තුල පුද්ගලික  භාවිතය සදහා අවසර ලබාදී නැති නීතිවිරෝධී  අධිතාක්ෂණික  විද්‍යුත් උපකරණ බව දැනගන්නට ලැබුණි.

ඉදිර විමර්ශන කටයුතු සදහා සැකකරු සහ නඩු භාණ්ඩ මිගමුව මුලස්ථාන පොලිසියට බාරදී ඇත

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here