දේශපාලකයන් අතින් වන්දි එපා කටුවාපිටිය බෝම්බ ප්‍රහාරයේ වන්දි උත්සවය පිරිසක් වර්ජනය කරති

කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන  බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට   වන්දි ගෙවිමේ අවස්ථාව ආවරණය කිරීමට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය කැදවා ප්‍රචාරනාත්මක  දේශපාලන වාසි ලබා ගැනීමට යොදාගැනීමේ උත්සාහයට   විරෝධය පලකරන බව ප්‍රකාශ කරමින් වන්දි ලාභීන් පිරිසක් වන්දි ගෙවීමේ උත්සවය වර්ජනයකර  පිටව යති.

තමන්ගේ දෙමවුපියන් දෙදෙනා සහ දරුවා අහිමිවූ කටුවපිටිය නිර්මල මාවතේ පදිංචි යුවලක් පිටවගියේ  ප්‍රචාරක වැසි ලබාගැනීමට පැමිණෙන දේශපාලකයන් අතින් වන්දිමුදල් ලබානොගන්නා බවද ප්‍රකාශ කරමිනි

පාස්කු ඉරිදා කටුවපිටිය දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය89 දෙනෙකු සදහා මිලියන122 ක්  සහ තුවාල ලැබූ පුද්ගලයන් 130දෙනෙකුට මිලියන 18.1 ක් වශයෙන් ගෙවනු ලබන වන්දි මුදලේ  අවසන් වාරිකය ගෙවීම අද දහවල් මීගමුවේ කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී පැවැතිවිණි සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මෙම වන්දි ගෙවීමේ කටයුතු පැවැත්විණි

හානිපුර්ණ කාර්යාලය විසින් මෙම වන්දි ගෙවීමේ කටයුතු සංවිධානය කරතිබුණි තවමත් පුර්ණ සුවය නොලැබූ තුවාල කරුවන්ද වන්දි ලබාගැනීමට පැමිණසිටි පිරිස අතරවිය.

හානිපුර්ණ කාර්යාලය විසින් වන්දි ලාභින්ට අවශ්‍ය උපදෙස් හා තොරතුරු ලිපියක් මගින් දාන්වා යවා නොතිබුණි  මෙ නිසා නියමිත ආසනවල අසුන්ගැන්වීම සදහා දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය.

වන්දි ලාභින්  කටාන ආසනයේ පදිංචිකරුවන් උවත් වන්දි ලබාගැනීම සදහා තවමත් හරිහැටි සුවනොවූ රෝගීන්ට කුලී වාහන වලින් පැමිණීමට සිදුව තිබුණි.

ආරාධිත අමුත්තන් අතර එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතාද විය.

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img