29 C
Negombo
29 C
Negombo

දේශපාලකයන් අතින් වන්දි එපා කටුවාපිටිය බෝම්බ ප්‍රහාරයේ වන්දි උත්සවය පිරිසක් වර්ජනය කරති

-

කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන  බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට   වන්දි ගෙවිමේ අවස්ථාව ආවරණය කිරීමට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය කැදවා ප්‍රචාරනාත්මක  දේශපාලන වාසි ලබා ගැනීමට යොදාගැනීමේ උත්සාහයට   විරෝධය පලකරන බව ප්‍රකාශ කරමින් වන්දි ලාභීන් පිරිසක් වන්දි ගෙවීමේ උත්සවය වර්ජනයකර  පිටව යති.

තමන්ගේ දෙමවුපියන් දෙදෙනා සහ දරුවා අහිමිවූ කටුවපිටිය නිර්මල මාවතේ පදිංචි යුවලක් පිටවගියේ  ප්‍රචාරක වැසි ලබාගැනීමට පැමිණෙන දේශපාලකයන් අතින් වන්දිමුදල් ලබානොගන්නා බවද ප්‍රකාශ කරමිනි

 

පාස්කු ඉරිදා කටුවපිටිය දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය89 දෙනෙකු සදහා මිලියන122 ක්  සහ තුවාල ලැබූ පුද්ගලයන් 130දෙනෙකුට මිලියන 18.1 ක් වශයෙන් ගෙවනු ලබන වන්දි මුදලේ  අවසන් වාරිකය ගෙවීම අද දහවල් මීගමුවේ කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී පැවැතිවිණි සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මෙම වන්දි ගෙවීමේ කටයුතු පැවැත්විණි

හානිපුර්ණ කාර්යාලය විසින් මෙම වන්දි ගෙවීමේ කටයුතු සංවිධානය කරතිබුණි තවමත් පුර්ණ සුවය නොලැබූ තුවාල කරුවන්ද වන්දි ලබාගැනීමට පැමිණසිටි පිරිස අතරවිය.

හානිපුර්ණ කාර්යාලය විසින් වන්දි ලාභින්ට අවශ්‍ය උපදෙස් හා තොරතුරු ලිපියක් මගින් දාන්වා යවා නොතිබුණි  මෙ නිසා නියමිත ආසනවල අසුන්ගැන්වීම සදහා දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය.

වන්දි ලාභින්  කටාන ආසනයේ පදිංචිකරුවන් උවත් වන්දි ලබාගැනීම සදහා තවමත් හරිහැටි සුවනොවූ රෝගීන්ට කුලී වාහන වලින් පැමිණීමට සිදුව තිබුණි.

ආරාධිත අමුත්තන් අතර එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතාද විය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.