32 C
Negombo
32 C
Negombo

ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ කණ්ඩායම්වලට කිසිදු හමුදා නිලධාරියෙක් සම්බන්ධ නැහැ – හමුදාපති

-

ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ කණ්ඩායම්වලට කිසිදු හමුදා නිලධාරියෙක් සම්බන්ධ නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා අවධාරණය කරයි.

හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීහු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමුදාපතිවරයාට දුන් දුරකතන ඇමතුම පිළිබඳව විමසූහ.

ඊට පිළිතුරු ලබා දෙමින් හමුදාපතිවරයා පැවසුවේ, රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා තමාට දුරකතන ඇමතුමක් ලබා දී අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් නිදහස් කරන ලෙසට තමන්ගෙන් ඉල්ලීමක් කළ බව ය.

තවත් වසර එකහාමාරකින් යළි දුරකතන ඇමතුමක් ලබා දෙන ලෙසට යුද හමුදාපතිවරයා එහිදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ දුරකතන ඇමතුමට පිළිතුරු ලබා දෙමින් පවසා තිබේ.

මහේෂ් සේනානායක මහතා පැවසුවේ, අදාළ පුද්ගලයාව වසර එකහාමාරක් සිරගත කිරීමට තමන්ට නීතියෙන් බලයක් ඇති බව ය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.