චීන වැසියන් වෙනත් රටවල තරුණියන් විවාහ කරගෙන චීනයට ගෙන ගොස් ලිංගික වහලුන් කිරීමේ ජාවාරමක්

Image captionසොෆියා විවාහ වූ දා

පාකිස්තානයේ ෆයිසලාබාද්හි මීට මාස 6කට පෙර එරට තරුණියක සහ චීන ජාතිකයෙකු අතර සිදුවූ විවාහය සියලු ආකාරයෙන් සාර්ථකව සිදු විය

ඇය 19 හැවිරිදි වියේ පසුවූ ක්‍රිස්තියානි තරුණියක වූ අතර ඔහු 21 හැවිරිදි විය. ඇය පුහුණුවලත් රූපලාවණ්‍ය ශිල්පිනියක වූ අතර ඔහු සුවඳ විලවුන් ව්‍යාපාරිකයෙකු විය.

පාකිස්තාන කාන්තාවගේ පවුල දිළිඳු පවුලක් වූ අතර විවාහයේ සියලු වියදම් දරන්නට තරම් මනමාලයා කාරුණික විය.

විවාහය සිදු කෙරුණේ ද සම්පූර්ණයෙන් පාකිස්තාන චාරිත්‍ර වාරිත්‍රවලට අනුවය. මේ සම්බන්ධයෙන් තරුණියගේ දෙමාපියන් ඉමහත් සතුටට පත් වූයේ, සිය දියණියගේ චීන ජාතික සැමියා පාකිස්තාන සංස්කෘතියට ගරු කරන්නෙකු වීම හේතුවෙනි.

AFPImage copyrightAFP

මේ සම්බන්ධයෙන් පළමුව නිල වශයෙන් යෝජනා කිරීමක්, පසුව හෙනා නමැති උත්සවයක් ද පැවති අතර අවසානයේ මනාලියගේ නිවසෙන් ඇරඹි පෙරහැරකින් ඇය ගියේ සිය සැමියා සමග නව ජීවිතයක් ආරම්භ කිරීමේ අදහසිනි.

එහෙත්, මාසයක් ගත වන විට සොෆියා (ඇයගේ අනන්‍යතාව ආරක්ෂා කර ගැනීම සඳහා මුල් නම පමණක් භාවිත කිරීමට සිදු විය) සිය දෙමාපියන්ගේ නිවසට පැමිණියාය. ඇය පළා ආවේ සිය සැමියා වෙතින් පමණක් නොව පාකිස්තාන තරුණියන් චීනයේ ලිංගික ජාවාරම් සඳහා ගෙන යන ජාවාරම්කරුවන්ගේ ජාලයකිනි.

මෙවැනි වංචාසහගත විවාහයන් පිළිබඳව විමර්ශනය කරන මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන සලීම් ඉක්බාල් පැවසුවේ, ගෙවුණු වසරක කාලය තුළ චීන ජාතිකයින් විසින් පාකිස්තාන තරුණියන් (විශේෂයෙන් ක්‍රිස්තියානි තරුණියන්) අවම වශයෙන් 700 දෙනෙකු පමණ විවාහ කරගෙන ඇති බවය.

එම තරුණියන්ට කුමක් සිදු වේ ද යන්න අනාවරණය වී නැතත්, ඔවුන් “ලිංගික වහල්භාවයට හසු වීමේ අවදානමක,” සිටින බවය.

ව්‍යාජ විවාහ සිදු කළ බවට සැකපිට කතෝලික පූජකවරයෙකු ඇතුළු චීන ජාතිකයින් සහ පාකිස්තාන තැරැව්කරුවන් 20 දෙනෙකුට අධික පිරිසක් පසුගිය සති කිහිපය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ.

චීන ජාතිකයින් සහ පාකිස්තාන තැරැව්කරුවන් 20 දෙනෙකුට අධික පිරිසක් පසුගිය සති කිහිපය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ.Image copyrightAFP
Image captionචීන ජාතිකයින් සහ පාකිස්තාන තැරැව්කරුවන් 20 දෙනෙකුට අධික පිරිසක් පසුගිය සති කිහිපය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ.

පාකිස්තාන ෆෙඩරල් විමර්ශන ඒජන්සිය බීබීසී පුවත් සේවයට පැවසුවේ, “චීන අපරාධකරුවන්ගේ කල්ලි විසින් පාකිස්තාන කාන්තාවන් විවාහ කර ගැනීම හරහා ඔවුන් ලිංගික ජාවාරම්වලට යොදවන,” බවය. විදුලි බල ව්‍යාපෘතියකට පැමිණි ඉන්ජිනේරුවන් පිරිසක් ලෙස පෙනී සිටි එක් කල්ලියක් විසින් එක් පාකිස්තාන කාන්තාවක් සඳහා ඇමෙරිකානු ඩොලර් 12000 සිට 25000 දක්වා අය කර චීනයට යවා ඇති බව පාකිස්තාන ෆෙඩරල් විමර්ශන ඒජන්සිය පැවසීය.

විශේෂයෙන් ඉතා දිළිඳු ප්‍රදේශවල වෙසෙන ක්‍රිස්තියානි තරුණියන් ජාවාරම්කරුවන්ගේ ඉලක්කය වී තිබේ. ඔවුන් අදාළ තරුණියන්ගේ දෙමාපියන්ට සිය දහස් ගණන් ඩොලර් ලබා දෙන බව ද හෙළි වී තිබේ.

මේ තොරතුරුද කියවන්න:

පාකිස්තාන කාන්තාවන් චීනයේ ගණිකා වෘත්තිය සඳහා රැගෙන එන බවට ඇති චෝදනා චීනය ප්‍රතික්ෂේප කර ඇත්තේ, “ඇතැම් මාධ්‍ය වාර්තා ව්‍යාජ කරුණු නිර්මාණය කර කටකතා පතුරුවන,” බව පවසමිනි.

එහෙත්, මේ වසරේ චීන ජාතිකයින් සමග විවාහ පාකිස්තාන තරුණියන් චීනයේ වීසා ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති අයැදුම් පත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවක් දක්නට ලැබේ. මේ වසරේ ගෙවී ගිය මාස කිහිපය තුළ පමණක් එවැනි අයැදුම් පත් 140ක් ලැබී ඇත. පසුගිය වසර (2018) පුරාවට ම ලැබී තිබුණේ 140ක් පමණි. ඉස්ලාමාබාද්හි පිහිටි චීන තානාපති කාර්යාලයේ නිලධාරියෙකු එරට මාධ්‍යවලට පවසා තිබුණේ, ලැබී ඇති අයැදුම් පත්වලින් 90ක් පමණ අත්හිටවූ බවය.

ලාහෝර් නගරයේ නිවසක්

විවාහය සිදුවීමට පෙර සිට ම සොෆියාට ඒ සම්බන්ධයෙන් යම් අවිනිශ්චිත සිතිවිල්ලක් හටගෙන තිබිණි. නිල වශයෙන් යෝජනාව ඉදිරිපත් වීමෙන් පසු ඇයට වෛද්‍ය වාර්තා ගැනීමට අවශ්‍ය වුව ද, තැරැව්කරුවන් විවාහය ඉක්මනින් සිදු කරන ලෙසට බලපෑම් කර තිබිණි.

“එහෙම ඉක්මන් කරන එක ගැන අපේ පවුලේ අයට සැකයක් තිබුණා. ඒත්, විවාහයේ වියදම් ඔක්කොම එයා දරනවා කිව්ව ම පවුලේ අය ඒකට කැමති වුණා,” ඇය සඳහන් කළාය.

ඉන් සතියකට පමණ පසු ඇය ලාහෝර් නගරයේ පිහිටි නිවසක් වෙත ගෙන ගොස් තිබිණි. එහි අලුත විවාහ පත්වූ යුවළ කිහිප දෙනෙක් වීසා ඇතුළු ලියකියවිලි අපේක්ෂාවෙන් රැඳී සිටියහ. එහි සිටි පාකිස්තාන කාන්තාවන් වැඩිපුර කාලය ගත කළේ, චීන භාෂාව ඉගෙන ගැනීම සඳහාය.

එහිදී ඇයට වැටහී ඇත්තේ, සිය සැමියා ක්‍රිස්තියානි ආගම අදහන්නෙකු නොවන අතර ඔහු පිළිබඳව තොරතුරු ඇය සමග පැවසීමට ද අකමැති බවකි. භාෂා බාධකය හේතුවෙන් ඔවුන් ඉඳහිට කතාබහ කර ඇතත්, අදාළ චීන ජාතිකයා අඛණ්ඩව ලිංගික ක්‍රියාකාරකම්වලට යොමු වී තිබිණි.

විවාහ වී චීනයට ගොස් සිටි සිය මිතුරියකට කතා කිරීමෙන් පසු ඇය එම නිවසින් පළා යාමට තීරණය කර තිබිණි.
Image captionවිවාහ වී චීනයට ගොස් සිටි සිය මිතුරියකට කතා කිරීමෙන් පසු ඇය එම නිවසින් පළා යාමට තීරණය කර තිබිණි.

විවාහ වී චීනයට ගොස් සිටි සිය මිතුරියකට කතා කිරීමෙන් පසු ඇය එම නිවසින් පළා යාමට තීරණය කර තිබිණි. ඇයගේ මිතුරිය ඇයට පවසා තිබුණේ, ඇයට සිය සැමියාගේ මිතුරන් සමග ලිංගිකව හැසිරෙන ලෙසට බල කළ බවය.

පසුව මේ සම්බන්ධයෙන් විවාහ තැරැව්කරුගෙන් විමසූ විට ඔහු කෝපයට පත්ව තිබේ. ඔහු පවසා තිබුණේ, විවාහය වෙනුවෙන් කළ සියලු වියදම් යළි ගෙවීමට සිදු වන බවය.

ඇගේ දෙමාපියන් එම මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් සිය දියණිය බේරා ගැනීම සඳහා ලාහෝර් වෙත පැමිණ තිබිණි. ඒ අනුව ඇය සිය දෙමාපියන්ට අවනත විය.

මෑතකදී කරන ලද පොලිස් වැටලීම් අනුව ක්‍රිස්තියානි තරුණියන්ට මෙම අවදානම වැඩි වශයෙන් බලපාන බව පෙනී ගිය ද, බීබීසී පුවත් සේවයට වාර්තා වූයේ, මුස්ලිම් ප්‍රජාව ද ඊට ගොදුරු වී සිටින බවය.

චීන සැමියා සමග පසුගිය මාර්තු මාසයේදී චීනයට ගිය මුස්ලිම් කාන්තාවක පැවසුවේ, සිය සැමියාගේ “බීමත් ආගන්තුකයින්” සමග යහන්ගත වීම ප්‍රතික්ෂේප කිරීම නිසා තමන්ට නොයෙක් ශාරීරික වද හිංසාවලට ලක්වීමට සිදු වූ බවය.

ලිංගික ජාවාරම්වලට “සුදුසු නැති” කාන්තාවන් ශරීර අවයව ලබා ගැනීම සඳහා යොදා ගන්නා බව ද ෆයිසලාබාද්හි ෆෙඩරල් විමර්ශන ඒජන්සියේ ජමීල් අහමඩ් මායෝ බීබීසී පුවත් සේවයට පැවසීය.

බීබීසී උර්දු සේවය වෙනුවෙන් සහේර් බැලොච් සකස් කළ වාර්තාවක් ඇසුරෙනි.

BBC SINHALA

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img