රෝස්ගේ පෝරකය වත්තේ ඉඩමේ දන්සලට – මිගමුව නගරාධිපති බාල්දියක් පෙරලයි

-

එක්සත් ජාතික පක්‍ෂයේ කටාන ආසනයේ සංවිධායිකා රෝස ප්‍රනාන්දු හිටපු බස්නාහිර පළාත් මන්ත්‍රීවරිය විසින් රජයේ ඉඩමක බලහත්කාරයෙන් පදිංචිකරවූ බව කියන  පවුල් 21 ක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කොච්චිකඩේ පොලිසිය සහ මිගමුව මහානගරසභාව කටයුතු කර ඇත

කොචිචිකඩේ මායිම් පාරේ පිහිටි පෝරකය වත්ත ලෙස හදුන්වන මෙම ඉඩමට කටාන ප්‍රාදේශීය සභාව සහ මිගමුව මහා නගරසභාව යන පළාත්පාලන ආයතන දෙකම අයිතිවාසිකම් කියන අතර මෙම ඉඩමේ තිබු ලදු කැලය ප්‍රදේශ වාසීන්ගේ ඉල්ලීම අනුව මිගමුව මහා නගර සභාව විසින් 16 දින එලිපෙහෙලිකර ඇත

17 වන සිකුරාදා දින පවුල් 21 ක සාමාජිකයන් සමග පැමිණි හිටපු පළාත් සභා මන්ත්‍රීවරිය එම පවුල්වලට මෙම රජයේ ඉඩමේ නිවාස සාදාගෙන පදිංචි වීමට උපදෙස් දුන්බව දැනගන්නට ඇත.

මේ අනුව කම්බි කණු හිටවා මායිම් ලකුනු කරගත් මෙම පිරිස තාවකාලිකව  සකස් කරගත් නිවාසවල පදිංචි වීමටඋත්සාහ කර ඇති අතර  මිගමුව මහා නගර සභාව විසින් කරනලද  පැමිණිල්ලකට අනුව කොචිචිකඩේ පොලිසිය විසින් කරුණු පැහැදිලි කරදීමෙන් පසු අනවසර  පදිංචි   කරුවන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත.

මේ වනවිට ආරක්‍ෂක නිලධාරීන් යොදවා ඉඩම මිගමුව මහා නගරවේ භාරයට ගෙන ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here