31 C
Negombo
31 C
Negombo

මිගමුව බන්ධනාගාරය අසලදී ජිව උණ්ඩ සමග හමුවූ සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

-

බෝර 12 ජීවී උණ්ඩ සමග මිගමුව බන්ධනාගාරය අසල යොදා තිබු හදිසි මාර්ග බාධකයකදී අත්අඩංගුවට ගෙන  මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවන ලද සාජා තවුමුදින් මොහොමඩ් නැමැත්තා මෙම මස 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරඇත.

කොලබ 6 ග්‍රේරෝ පෙදෙසේ පදිංචි කරුවෙකු වන සැකකරු ගමන්කළ වාහනය ගුවන් හමුදාවේ 28854 පැතුම් නිලධාරියා සමග මිගමුව කොට්ටාශ දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අයේෂ් පෙරේරා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින්   පරික්ෂා කර ඇති අතර ඔහුගේ ගමන්බෑගයක් තුල තිබී බෝර 12 හේ ජීවී උණ්ඩ 3 ක් සොයාගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සදහා සැකකරු මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට බාරදී ඇත.

අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක  ජේ එස් එම ජයනන්ද මහතා ගේ මෙහෙයවීමෙන් සිදුකල විමර්ශනයකින් පසු 19 දින සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සිදුකර ඇත.

මිගමුව පොලිසියේ 53883 වසන්ත නවරත්න බණ්ඩාර මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත්කල අතර පොලිස් සැරයන් 64306 ජයසුරිය පොලිස් කොස්තාපල් 8694 පතිරණ 88757 මහේෂ්  යන නිලධාරින්ද විමර්ශන කණ්ඩායමේ සාමාජිකයන් ලෙස කටයුතු කර ඇත.

පුස්තකාල ජයාරුපයකි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.