අමෙරිකා චීන වෙළෙඳ යුද්ධයෙන් Huawei දුරකථන හිමියන්ට ගූගල් Update නවත්වයි

අමෙරිකාව හා චීනය අතර වෙළෙඳ යුද්ධයෙන් චීන ජංගම දුරකතන වෙළෙඳපොළට ද බලපෑම් එල්ල වී තිබේ.

ඒ, ලොව දෙවන විශාලතම ජංගම දුරකතන ආයතනය වන චීනයේ Huawei සමාගමේ ඇන්රොයිඩ් ජංගම දුරකතන සඳහා මෘදුකාංග යාවත්කාලීන කිරීම හා තාක්ෂණික සහය සැපයීම අවහිර කිරීමට ගූගල් සමාගම පියවර ගැනීම හේතුවෙනි.

කෙසේ වෙතත් ගූගල් සමාගම පවසන්නේ, දැනට Huawei ජංගම දුරකතන හිමි පාරිභෝගිකයින්ට අඛණ්ඩව එම ඇප්ස් භාවිත කිරීමටත් එම ඇප්ස් යාවත්කාලීන කිරීමටත් හැකි වනු ඇති බවයි.

විදෙස් වාර්තා පවසන පරිදි අලුතින් නිර්මාණය කෙරෙන Huawei ජංගම දුරකතන සඳහා ඇතැම් ගූගල් ඇප්ස් ඇතුලත් නොවනු ඇති.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදි ට්‍රම්ප් පරිපාලනය විසින් චීනයේ හුආවි ටෙක්නොලජි සමාගම, වෙළෙඳ අසාදු ලේඛනගත කළ සමාගම් ලැයිස්තුවට ඇතුලත් කරනු ලැබුවේ ය.

ඒ යටතේ අමෙරිකානු රජයේ අනුමැතියකින් තොරව අමෙරිකානු සමාගමකින් තාක්ෂණය ලබා ගැනීම Huawei සමගමට තහනම් වේ.

එම නියෝගයත් සමග වහාම ක්‍රියාත්මක වන පරිදි Huawei සමාගමට අමෙරිකානු සමාගම් සමග ව්‍යාපාර කටයුතු කිරීම අසීරු වනු ඇති.

ගූගල් සමාගම ප්‍රකාශ කළේ, අමෙරිකානු රජයේ නව නියෝගයට අනුව තමන් කටයුතු කරන බවයි.

මේ වසර අග වන විට ගූගල් සමාගම සිය මීළඟ පරම්පරාවේ ඇන්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය එළිදැක්වුව ද Huawei ජංගම දුරකතනවලට යු ටියුබ් සහ ගූගල් මැප්ස් වැනි මෘදුකාංග ඇතුලත් නොවනු ඇතැයි ද විදෙස් වාර්තා සඳහන් කළේ ය.

මීට අමතරව ඕපන් සෝර්ස් බලපත්‍රවලින් ආවරණය නොවන ජීමේල්, යුටියුබ්, ක්‍රෝම් වැනි මෘදුකාංග Huawei ජංගම දුරකතනවල ගූගල් ප්ලේ ස්ටොර්වලට ඇතුලත් නොවනු ඇති.

අමෙරිකාව ඇතුළු බටහිර රටවල් චෝදනා කර සිටින්නේ, Huawei සමාගමේ ජංගම දුරකතන උපාංග, චීනය ඔත්තු බැලීම වැනි කටයුතු සඳහා යොදා ගන්නා බවටයි.

එහෙත් Huawei සමාගම එම චෝදනාව දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ.

තම කටයුතුවලින් කිසිදු තර්ජනයක් නොවන බවත්, සිය සමාගම චීන රජයෙන් බැහැර ස්වාධීන සමාගමක් බවත් Huawei සමාගම අවධාරණය කළේ ය.

එහෙත් ඇතැම් රටවල් 5G ජංගම දුරකතන ජාල සඳහා Huawei නිෂ්පාදන භාවිත කිරීම තහනම් කරනු ලැබිණි.

Huawei සමාගමට එරෙහිව අමෙරිකානු රජය ගනු ලබන නවතම පියවර අමෙරිකාව හා චීනය අතර මත්භේදාත්මක තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි විදෙස් වාර්තා ආනවරණය කළේ ය.

Huawei සමාගමට එරෙහිව අමෙරිකානු බලධාරීන් විසින් අපරාධ චෝදනා 24 ක් ගොනු කර තිබේ.

පසුගිය දෙසැම්බර් මස කැනඩාවේදී අත්අඩංගුවට ගත් Huawei සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනි මෙන් වන්ෂුවෝ අමෙරිකානු ආරක්ෂක අංශ භාරයට ලබා ගැනීමට අමෙරිකානු බලධාරීන් මේ වන විට පියවර ගනිමින් සිටින බව ද විදෙස් වාර්තා සඳහන් කළේ ය.

අමෙරිකානු නිලධාරීන්ගේ අවශ්‍යතාවය මත මෙම නිලධාරිනිය කැනඩාවේදී අත්අඩංගුවට ගැනුනේ චීනය හා අමෙරිකාව අතර වෙළෙඳ මතභේද තවදුරටත් තීව්‍ර කරමිනි.

ගූගල් සමාගමට අනුව ලොවපුරා සක්‍රීයව භාවිත වන ඇන්රොයිඩ් ජංගම දුරකතන ප්‍රමාණය බිලියන 2.5 කි.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img