වයස 51 යි අනියම් පුරුෂයාට 24 යි ඇප ලැබී දින 3 යි රන්බඩු සොරකමකට මීගමුවේදී කොටුවෙයි

ස්වර්ණාභරණ මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණ රන් භාණ්ඩ සොරා ගැනීමේ යෙදුනු කාන්තාවක් මිගමුව පොලිසියේ වංචා විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට බදගිරියේ  ස්ථිර පදිංචිකාරියක් වන සිදුව අමන්දොලුවේ තාවකාලිකව පදිංචිව සිටින අනුෂා ද සිල්වා නමැති 51 හැවරදී  කාන්තාවකි.

සැකකාරිය 2018 10.11 දින මිගමුව බස්නැවතුම් පොලේ පිහිට ස්වර්ණාභරණ වෙළද සලකින්  රුපියල් 83000 දහසක් වටිනා රන් වලල්ලක් ද 2018 12.10 දින මිගමුව ග්‍රීන්ස් පාරේ ස්වර්ණාභරණ  වෙළද සලකින්  රුපියල් 98000 ක රන්දම්වලක් සොරකම් කලබවට මිගමුව පොලිසියේ අපරාධවිමර්ශන අංශයට ව්‍යාපාරිකයන් දෙදෙනාම විසින් පැමිණිලි කර තිබිණි.

මෙම කාන්තාව මෙම මස 15 දින නැවත ග්‍රීන්ස් පාරේ වෙළද සැලට පැමිණ ඇති අතර ඇයහදුනාගෙන ඇති වෙළද සල හිමිකරුවන් පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකර ඇත.

සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇති තොරතුරු අනුව  උකස් කරතිබූ සොර බඩුද අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

.මෙම කාන්තාවට ලංකාවේ උසාවි කිහිපයකම මෙවැනි සොරකම පිලිබදව නඩු තිබෙන බවත් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවෙන් ඇප ලබාගෙන ඇත්තේ  මීගමුවේදී අත්අඩංගුවට පත්වීමට දින තුනකට පෙරබව සැකකාරියගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී තිබේ.

බස්නැවතුම් පොලේ පිහිට ස්වර්ණාභරණ වෙළද සලකින්  සොරකම් කල රුපියල් 83000 වටිනා රන් වලල්ල 51 වියැති සැක කාරියගේ 25 හැවරදී දියණිය විසින්ද ග්‍රීන්ස් පාරේ පිහිට ස්වර්ණාභරණ වෙළද සලකින්  සොරකම් කල රුපියල් 83000 වටිනා රන් දම්වැල උකස්කර ඇත්තේ මෙම කාන්තාවගේ 24 හැවරදී අනියම් පුරුෂයා විසින් බවද විමර්ශන වලදී අනාවරණයවී තිබේ.

විමර්ශන වලින් අනතුරුව මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කල සැකකාරිය මෙමස 30 දින දක්වා රක්ෂිත බන්දනාගර ගතකර ඇත.

අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක  ජේ එස් එම ජයනන්ද මහතා ගේ මෙහෙයවීමෙන්සිදුකල පරීක්ෂණ කටයුතු සදහා උපපොලිස් පරීක්ෂක ආර් එම සී ඩි රත්නායක මහතා සහ පොලිස්  කොස්තාපල් 45148  රොහාන් පෙරේරා මහතා සහභාගී වී ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත්කලේ  මිගමුව පොලිසියේ කොස්තාපල්  53883 වසන්ත නවරත්න බණ්ඩාර මහතා විසිනි

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img