32 C
Negombo
32 C
Negombo

පාප් වහන්සේගේ විශේෂ නියෝජිත  ප්‍රනාන්දු කාදිනල් ෆිනෝලිතුමන් ඩේවිඩ්වත්ත දේවස්ථානයට මුල්ගල් තබයි

-

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ නියෝජිත  ප්‍රනාන්දු කාදිනල් ෆිනෝලිතුමන්  අද 23 උදැසන පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා විපතට පත්වූ බැතිමතුන් පිලිබදව සොයා බැලීමට මිගමුව කටුවාපිටිය  ශාන්ත  සෙබස්තියන් දේවස්ථානයට  සැපත්විය.

උන්වහසේ සමග කොළබ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපන් ඇතුළු පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් පිරිසක්ද පැමිණසිටියේය.

ප්‍රනාන්දු කාදිනල් ෆිනෝලිතුමන්  කටුව පිටය දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් විපතට පත්වූ පවුල් වල සාමාජිකයන් සහතුවාල ලැබුවන් පිරිසක් හමුවූ අතර උන්වහන්සේ විපතට පත්වූවන් ගේ නිවාස කිහිපයකට ගොස් ඔවුන්ගේ දුකබෙදා ගනු දක්නට ලැබුණි .

කටුවාපිටිය ප්‍රහාරයෙන් මියගිය 52 දෙදෙනෙකු සාමුහිකව  මිහිදන්කළ  ඩේවිඩ් වත්ත නවසුසාන භුමියේ ඉදිවන දේවස්ථානයට මුල්ගල් තැබීම සිදුවුයේ ද  ප්‍රනාන්දු කාදිනල් ෆිනෝලිතුමන් ගේ ප්‍රධානත්වයෙනි මෙම අවස්ථාවට මහා සංගරත්නය නියෝජනය කරමින් දෑරංගල පදුම හිමියන්ද සහභාගිවිය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.