29 C
Negombo
29 C
Negombo

පොසොන් පොහොයදින කදවලදී සුනඛයෙක් මැරූ සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

-

පොසොන් පොහොයදින අසල්වැසි නිවසක සුරතලයට ඇතිකළ පොමනේරියන් වර්ගයේ සුනඛයෙකුට පහරදී මරාදැමු සැකකරුවෙකු මෙමස 21 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර කරන ලෙස මිගමුව අතිරේක මහේස්ත්‍රාත් ටි එන් එල් මහවත්ත මහත්මිය අද 18 දින නියෝගකළේය.

මෙසේ  රක්‍ෂිත බන්ධනාගාරගත කලේ කටාන කදවලසුබසාධක මාවතේ පදිංචි නිරංජන් පාලිත නමැති අයෙකි.

පසුගිය පොසොන් පොහොය දින රාත්‍රියේ සැකකරු විසින් තමන් විසින් සුරතලයට ඇතිකරන ලද පොමනේරියන් වර්ගයේ සුනඛයා මරා දැමූබවට  කටාන පොලිසියට ජුනි 17  දිනපැමිණිල්ලක් ලැබී තිබුණු අතර පොලිසිය මගහරිමින් සිටි සැකකරු අද දින අත්අඩංගුවට ගෙන ඇත

දණ්ඩ නීති සංග්‍රහයේ 411 වගන්තියේ සතෙකු මරා අනර්ථයක් සිදුකිරීමේ චෝදනාව ඉදිරි පත්කරමින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරතිබුණි.

අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  සුදත් නිවුන්හැල්ල මහතාගේ උපදෙස් අනුව 35155 සැරයන් සුදත් ගුණවර්ධන විසින් විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන තිබු සැකකරු 24838 සැරයන් ප්‍රියන්ත  මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිල්ල මෙහයවනු ලැබීය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.