දුම්රිය සේවකයින් අද මැදියම් රැයේ සිට වැඩ වර්ජනයක

-

දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණි කිහිපයකට අයත් වෘත්තීය සමිති සාමාජිකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

දුම්රිය සේවක ශ්‍රේණිවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම සම්බන්ධයෙන් අනුමත වූ කැබිනට් පත්‍රිකාව  ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙනි.

දුම්රිය රියැදුරන්, නියාමකවරුන්, පාලකවරුන්, ස්ථානාධිපතිවරුන් හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් වැඩ වර්ජනයට එක්වන බව දුම්රිය රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රකාශ කරයි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here