ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම්-ගෝඨාභය රාජපක්ෂ

හැකි ඉක්මණින් මවුබිමට පැමිණ ජනතා බලාපොරොත්තු ඉටුකිරීමට කැප වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

කිසිදු කරුණක් මත පසුබැසීමට තමා සූදානම් නොමැති බව අවධාරණය කර ඇති රාජපක්ෂ මහතා ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවත් පවසා ඇත.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් සිංගප්පූරුවේ දී අද (03) මුණගැසුණු අවස්ථාවේ දී රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර ඇත.

සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීමට ප්‍රසන්න රණතුංග මහතා සමඟ තේනුක විදානගමගේ, පියංකර ජයරත්න, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ යන මන්ත්‍රීවරුන් ඊයේ (02) සිංගප්පූරුව බලා ගියහ.

අද උදෑසන 10ට පමණ මන්ත්‍රී කණ්ඩායම රාජපක්ෂ මහතා හමුවන අවස්ථාවේ දී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද පැමිණ සිටියේය. තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය වඩා හොඳ අතට හැරෙමින් තිබෙන බව කියා ඇති රාජපක්ෂ මහතා සිංගප්පූරු විදේශ ඇමැතිවරයා ද සිය සුවදුක් විමසීමට පැමිණි බව කියා ඇත.

තවත් මාස පහකින් පමණ එළැඹෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග මහතා ගේඨාභය රාජපක්ෂ මහතාට මෙහිදී පැහැදිලි කර තිබේ.

එසේම බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ මේ වන විට ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාවට නංවා ඇති බවත් නාමයෝජනා භාරදීමට පෙර හා භාරදීමෙන් පසුව ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාවට නැංවෙන ආකාරයත් පැහැදිලි කර තිබේ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ සොහොයුරන් තමන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වන බවත් ඔවුන්ගේ ආශිර්වාදය මැද අභියෝග ජයගනිමින් ඉදිරියට යාමට සූදානම් බවත් රාජපක්ෂ මහතා මෙහිදී  අවධාරණය කර ඇත.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img