30 C
Negombo
30 C
Negombo

කටාන පොලිසියේ නිලධාරීන්ගේ හිගයක්

-

අවශ්‍ය ප්‍රමාණයට  නිලධාරීන් නොමැති වීමෙන් කටාන පොලිස් ස්ථානයේසේවය කරන නිලධාරීන්  මෙන්ම ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයන්ට මුහුණදීමට සිදුවී ඇත.

ග්‍රාමසේවා වසම් විසිහතක ලක්‍ෂයකට ආසන්න ජනගහනයක් කටාන පොලිස් බලප්‍රදේශයේ ජිවත් වන අතර අවම වශයෙන් පොලිස් ස්ථානයේ කටයුතු පවත්වාගෙන යාම සදහා නිලධාරීන් 115 ක් වත් අවශ්‍යවන නමුත් දැනට අනුයුක්ත කර ඇති පොලිස් නිලධාරීන් ගණන 65 කි .

එකදිගට විවේකයක් නොලබා රාජකාරි කිරීමට සිදුවීමෙන් නිලධාරීන් දැඩි වෙහෙසට පත්ව ඇති අතර කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලකල බෝම්බ කරු පදිංචිව සිටියේද කටාන පොලිස් වසමේ කදිරාන ප්‍රදේශයේ කුලියට ගත් නිවසකය.

පාසල්වල ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 27 දෙනක් යෙදවීමට සිදුව ඇති.අතර පාලන අංශයට අනුයුක්තව සිටින 15  දෙනකුපමන වන පොලිස් නිලධාරීන් විසින්  විවිධ පැමිණිලි, අපරාධ පරීක්ෂණ වංචා විමර්ශන ඇතුළු සියලු අංශවල රාජකාරි කටයුතු ඉටුකිරීමට සිදුවී ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.