මීගමුවේ සුපිරි මහල් නිවාස 8 ක් සුද්දකල කුඩ්ඩෙක් කොටුවෙයි

-

අයිතිකරුවන් විදේශගතව සිටින අවස්ථාවලදී දෙමහල් සුපිරි නිවාස 8 කින් ලක්‍ෂ 20 ක්  පමණ වටිනා විදුලි උපකරණ සොරකම කල හෙරොයින් මත්ලොලියෙකු මිගමුව කොට්ටාශ අපරාධ විමර්ශන  ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිගමුව කට්ටුව ප්‍රදේශයේ පදිංචි අමයන්ත ප්‍රනාන්දු නමැති 24 හැවරදී සැකකරුවෙකි.

දිනකට රුපියල් 5000 ක පමණ මුදලක් මොහු විසින්  මත්කුඩු සදහා වියදම් කරනබවත් ඒසදහා අවශ්‍ය මුදල් සොයා ගැනීම සදහා සොරකම් සිදුකර ඇතිබවත් සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත.

රාත්‍රී කාලයේදී මෙන්ම දහවල් කාලයේදීද මොහුවිසින් මෙම ගෙවල් බිදුම් සිදුකර ඇතිඅතර නිවෙස් තුලට ඇතුළුවී ඇත්තේ අගුලු කඩා  ජනෙල් වීවෘතකර ගැනීමෙනි.

පරණ බඩු කඩවලට  අලවිකර තිබු සොරකම් කරන  ලද රුපවාහිනී යන්ත්‍ර ග්‍රයින්ඩර් තණකොළ කපන මැෂින් වාහන ශෝදන යන්ත්‍ර ආදී උපකරණ රැසක්  පරීක්ෂණ කණ්ඩායම් විසින් අත්අඩංගුවට ගෙනඇති අතර වැඩිදුර විමර්ශන වලින් අනතරුව සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

කොට්ටාශ අපරාධ විමර්ශන  ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතාට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් සැරයන් වරුන් වන 34064 හේරත් 52609 ජයකොඩි සහ කොස්තාපල් වරුන්වන 37928 වන්නිනායක 82756 ගයාන් 78142 ප්‍රභාත් 82441 පෙරේරා යන නිලධාර්න් ද විමර්ශන කටයුතු සදහා සහභාගී වී ඇත

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here