29 C
Negombo
29 C
Negombo

ඇත්ත ලිවුවොත් එලියට දමනවා -කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති මාධ්‍යට තගදමයි

-

කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට බරපතල බය බිරාන්තවූ   මාධ්‍ය භීතිකාරෝගය  උත්සන්න වී ඇතිබව   මෙම මස 12 වනදින   පැවති මාසික සභා රැස්වීමේදී දැකගත හැකිවිය.

කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජයරත්න ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සභා ශාලාවේදී ජුලි මස මාසික  සභා රැස්වීම 12 දින  පැවැත්විණි

රද්දොළුව ප්‍රදේශයේ ඉඩමක් සභාවේ සම්මත ප්‍රමාණයනයට අඩුවෙන් කැබලිකර විකිනීමට සභාපති වරයා   ලබාදී ඇති අනුමැතිය පිලිබදව මන්ත්‍රීවරු අදහස් දැක්වූ අවස්ථාවේ මාධ්‍යවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සභාපතිවරයා.  ප්‍රකාශ කළේය

කටුවා පිටිය දේවස්ථානයට එල්ලවූ ප්‍රහාරයෙන් පසු එකතුවූ මුදල්  සම්බන්ධයෙන් සහ වන්දි ගෙවීමේදී සිදුවූ අසාධාරකම් පිලිබදව මර්වින් පිරිස් මන්ත්‍රීවරයා අදහස් දැක්වීමේදී උණුසුම් වාතාවරණයක් ඇතිවී සභාවේ   කාල ගෝට්ටියක්  ඇතිවිය.

මේ අවස්ථාවේදී නැවත මාධ්‍ය වෙත තර්ජයක් එල්ලකල සභාපතිවරයා කටුවාපිටිය සිද්ධිය පිලිබදව සභාවේ සිදුකල කථා වාර්තාකරණ මාධ්‍යවලට තමන් සභාපතිව සිටින තෙක් සභාවට ඇතුළු වීමට ඉඩ නොදෙනබව තරයේ ප්‍රකාශ කල අතර සභාපතිවරයාගේ  මේ ප්‍රකාශය අනුමතකරමින් මන්ත්‍රීවරු පිරිසක් අත්පොලසන් දෙනු දක්නට ලැබුණි.

සභාපතිවරයාගේ  මේ ප්‍රකාශයට විරෝධය දක්වමින් මාධ්‍යවේදීන් සියලු දෙනාම සභාවේ වාර්තා කටයුතු වලින් ඉවත්විය .

මර්වින් පිරිස් මන්ත්‍රීවරයා ගේ ප්‍රකාශ මන්ත්‍රීවරු පිරිසක් සමග අත්පුඩි ගසමින් අනුමත කල සභාපති වරයා ඒ  කථා වාර්තා නොකරන ලෙස මාධ්‍ය වේදීන්ට බලපෑම් කිරීම හාස්‍යජනකය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.