32 C
Negombo
32 C
Negombo

මිගමුව මහනගර සභා භූමියට වාහන ඇතුල්කිරීමට ඉඩනොදිමෙන් ගැටළු රැසක්

-

මිගමුව මහනගර සභා භූමියට වාහන ඇතුල්කිරීමට ඉඩනොදිමෙන් නගර සභාව වෙත පැමිණෙන බදුගෙවන ජනතාව දුස්කරතා රැසකට මුහුණ දෙනබව අපගේ නගරසභාවේ ආරංචිමාර්ග පවසයි.

පාස්කු ප්‍රහාරයත් සමග නගරසභාභුමියට වාහන අතුලුකිරිම නතරකල අතර මේවනවිටද වාහන අතුලුකිරිම සදහා අවසර ලබාදී නැත.

පරික්ෂා කිරීමකින් හා අනන්‍යතාවය තවුරුකරගැනීමෙන් පසුව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට පවා පැමිණෙන අමුත්තන්ගේ වාහන එක් දොරටුවකින් ඇතුල්කිරිමටත් තවත්දොරටුවකින් පිටකිරිමටත් කටයුතු කර ඇති අන්දමට මිගමුව මහනගර සභාවට ද රථවාහන ඇතුළු කිරීමත් පිටකිරීමත් හැකියාව තිබියදී එසේ කටයුතු නොකරන්නේ මහනගර සභාවේ ආරක්ෂක කටයුතු සදහා  වෘත්තියසුදුසුකම් නොමැති  පිරිසක් අනුයුක්ත කර සිටීම නිසා බව දැනගන්නට ඇත.

නගර සභාවට පැමිණෙන වාහන ගාල්කිරිම නිසා කිබුලාපිටිය පාරේ ගමනා ගමනයට අවහිර ඇතිවන බවත් අනවශ්‍ය රථවාහන තදබද ඇතිවන බවත් රියදුරෝ පවසති.

බදු මුදල් ගෙවීමට පැමිණෙන සමහර නගරවැසියන් වාහන ගාල්කර ගැනීමට නොහැකිව ආපසු හැරියන බවත් මෙනිසා බදු ආදායමේ පහලවැටීමක් සිදුවී ඇතිබවද වාර්තාවේ.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.